IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්

 

 

සන්නිවේදන පහසුකම් නැති කුප්පි ලාම්පුවෙන් එළිය දකින මහ කැලේ මැද කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන් හමුවීමට පසුගියදා මහනුවර මහ දිසාපති චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මැද කැලේ ගම්මානයට ගියහ. ඔවුන්ගේ පැමිණීම මැදකැලේ ගම්මු මහත් ගෞරවයක් ලෙස සලකති.   


ඉරිදා ලංකාදීපයේ පසුගිය මාර්තු 4 වැනිදා පළවූ වාර්තාව දැකීමෙන් පසුව මෙම අපූරු ගම්මානය සියැසින් දැක බලා ගැනීමට දිසාපතිවරයා ආ බව ගම්මු කීවේ මෙලෙසිනි.   
යහන්ගල මුදියන්සේලාගේ අනෝමා පුංචි කුමාරි මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.   


මහ දිසාපතිතුමා අපේ ගමට පැමිණීම අපිට ලොකු දෙයක්. එතුමා කිව්වා පත්තරය දැකලා මේ ගම බලන්න ආවා කියලා. ගමේ අඩුපාඩු රැසකට පිළියම් ඒ වෙලාවෙත් කතා කරලා දුන්නා.   


අඩි දහයක් පළලට පාර කොන්ක්‍රීට් සකස් කරලා දෙනවා කීවා. මිනිසුන්ට තවත් අමතර ආදායමක් ලෙස කුකුල් පාලනය, එළු පාලනය වැනි සතුන් පාලනයන් සඳහා අවශ්‍ය දැනුම, උපදෙස් ඇතුළු පහසුකම් ලබා දෙනවා කියලත් කීවා.   


ඉඟුරු කහ වගේ දේවල් හිටවන්නත් උදව් කරනවා කියලා කිව්වා.   


උසස් පෙළ හදාරන නයෝමි අබේසිංහ : මහියංගන නගරයේ තියෙන අමතර පන්තිවලට නොමිලේ සහභාගි වෙන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙනවා කිව්වා. ඊටත් වඩා මට තියෙන ලොකුම සතුට අපේ ගමට පාර හදලා දෙනවා කිව්ව එකට. එහෙම වුණොත් අපිට ඉක්මනින් ඉස්කෝලේ යන්න පුළුවන්.   


සුගත් බණ්ඩා මහතා : ගමේ මිනිස්සු ගොඩක් පීඩා විඳින්නේ තියෙන ආදායම් විකුණගන්න පහළට යන්න තියෙන අමාරුව. අපිට පාර ලැබෙන එකම මොන තරම් පිනක්ද?   
මේ පිළිබඳව මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා : හරියටම කන්ද පාමුල ඉඳලා ගමට කිලෝමීටර් හතරක් තියෙනවා. අපි නිලධාරීන්, විදුලියබල මණ්ඩලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් මේ ගම ගැන සොයා බැලීමක් කළා.   

 

දිසාපති තෙන්නකෝන් මහතා නිලධාරීන් සමග ගම්මානය නිරීක්ෂණයේ

 


අඩි දහයක් පළලට පාර හදන්න රුපියල් කෝටි හතරක් වැය වෙනවා. ඒ සඳහා ඉදිරියේදී ව්‍යාපෘතියක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. විදුලියබල මණ්ඩලය නිලධාරීන් කියා සිටියා විදුලිය සැපයීමටත් කෝටි හතරක් වැය වෙනවා කියලා. ඊට හේතුව, කේබල් මගින් උඩට කම්බි ඇදීම, කම්කරුවන්ට ගෙවීම යනාදී දේවල්වලට. 


නමුත් ඊට පෙර අපි මාර්ගය ඉදිකළොත්, ඊට වඩා අඩු වියදමකින් ගමට විදුලිය ලබා දෙන්න පුළුවන්. විදුලිය ලබා දීමේදී වුවත් පරිසරයට කිසිදු හානියක් සිදු වෙන්නේ නෑ. ගස් කොළන් කපන්නේ නැතුව මාර්ගය දිගේ විදුලිය ගන්න පුළුවන්.  2014 වසරේ පමණ අඩි 20 කින් පළල මාර්ගයක් කපල තියෙනවා. එහි වැඩ කටයුතු අතරමඟ නතර වෙලා. නමුත් අපි මීට විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.   


ඊට අමතරව ගමේ තිබුණු අමතර ප්‍රශ්න ඒ වෙලාවෙම අපි විසඳුවා. රක්ෂිතයට අදාළ ඉඩම්වල ගොවිතැන් කරන අය නිදහස් කිරීම, සමෘද්ධිය ලබාදීම ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබා දුන්නා යැයි සඳහන් කළේය.

 

 

සටහන : චාන්දනී දිසානායක



අදහස් (0)

කඳු මුදුනේ ජීවත්වෙන මිනිසුන්ට පිහිටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site