IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්

 

මිනිසාගේ පැරණිතම මිතුරෙකු වශයෙන් සැලකෙන සුනඛයා වත්මන් යුගය වන විට නිවෙසේ ආරක්ෂකයෙකු සේම සුරතලෙකු වශයෙන්ද ආරක්ෂක අංශවලට සම්බන්ධ වී විවිධ අපරාධ පුපුරන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සොයන්නෙකු වශයෙන්ද විවිධ සංදර්ශනවලට ඉදිරිපත්වී ජනතාවගේ ආකර්ශන දිනා ගැනීම වැනි විවිධ පැතිකඩ ඔස්සේ අද වන විට සුනඛයා මිනිසාට ළංව සිටී.   


එවැනිදේ සිදුකිරීමේ දී ඒ සඳහාම සුවිශේෂී වූ සුනඛ විශේෂ ලොව විවිධ රටවලින් රුපියල් මිලියන ගණනින් මුදල් ගෙවා ආනයනය කිරීමට සිදුව තිබේ.   


අද වන විට තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීම සඳහා විවිධාකාරයේ වටිනා දේවල හිමිකරුවකු වීමට පෙළඹී සිටින සමහරුන් ඉහළ පැලැන්තියේ වටිනා සුනඛයෙකුගේ හිමිකරුවෙකුවීමට ද පෙළඹී සිටී. එවැනි ඉහළ පැලැන්තියේ සුනඛ ලෝලීන්ට ළඟදීම වැදගත් පණිවිඩයක් ගෙන එන්නේ “ඩෝගෝ ආජන්ටිනෝ” (Dogo Argentino) සුනඛ විශේෂයයි. එම සුනඛයන් ඉහළම පැලැන්තියේ නම් දැරූ සුනඛ ජෝඩුවකට දාව ප්‍රථම වතාවට මෙරට දී පැටවුන් බිහිකිරීමට නියමිතය.   


ආජන්ටිනෝ නැමැති ජවබල සම්පන්න සුනඛ විශේෂයක් මෙරට දී තවත් නොබෝ දිනක දී අභිජනනය වීමට නියමිත බැවිනි.   


එම කාර්යයේ මූලිකයා වී කටයුතු කරනු ලබන්නේ ආචාර්ය ලලේන්ද්‍ර මුණසිංහ මහතායි. ඔහු පවසා සිටිනුයේ මෙවන් කතාවකුයි. 

 
මේ සුනඛ විශේෂය 1928 වසරේ දී ආජන්ටිනාවේ වෛද්‍යවරයෙකු විසිනුයි මුල්ම වතාවට අභිජනනය කර තිබෙන්නේ. ඒ දඩයම් බල්ලන් වශයෙන් යොදා ගැනීමටයි. කැලයේ සිටින වල්ඌරන් ඇතුළු බරින් වැඩි සතුන් දඩයම් කිරීමටයි මේ සතුන් යොදාගෙන තිබෙන්නේ. මේ සතෙක් හොඳින් වැඩුණු පසු සෙන්ටිමීටර් එකසිය හැටක් පමණ උස වෙනවා. බර කිලෝ පනහක් හැටක් පමණ වෙනවා. මේ සුනඛ විශේෂය ජවබල සම්පන්න සුනඛ විශේෂයක් වගේම ජවබලසම්පන්න වේගයකුත් ඔවුන්ට තිබෙනවා. මේ සුනඛයන්ගේ තවත් විශේෂත්වයක් වන්නේ ඉතා හොඳ ඉවක් මේ සුනඛයන්ට තිබීමයි. ලොව බොහෝ රටවල ආරක්ෂක අංශ ඔවුන්ගේ විවිධ කාර්යයන් සඳහා භාවිත කළත් එංගලන්තයේ මේ සුනඛ විශේෂය තහනම් කර තිබෙනවා. ඒ ඔවුන් දරුණු සත්ව කොට්ඨාසයක් වශයෙන් හඳුන්වමින්. නමුත් එය මිත්‍යාවක් මේ සතුන් ඕනෑම ආකාරයකට හැඩගස්වන්න පුළුවන්. දරුණුවට ඕනෑ තරම් ඒ ආකාරයටත් සුරතලෙකු වශයෙන් ඕනෑ නම් ඒ ආකාරයටත් හැඩගසන්න පුළුවන්.   


සතා පුහුණු කරවන්නා අතේයි එය තිබෙන්නේ. එසේම මේ සත්ව විශේෂයේ තවත් විශේෂත්වයක් වන්නේ ඕනෑම අංශයකින් මේ අය පුහුණු කරවීමට හැකි වීමයි. නිවසේ ආරක්ෂකයකු සුරතලයෙකු වශයෙන් අවශ්‍ය නම් ඒ ආකාරයට පුළුවන්. ආරක්ෂක අංශවලට සම්බන්ධවී මත්ද්‍රව්‍ය පුපුරන ද්‍රව්‍ය ඇතුළු අපරාධ සොයන්නෙකු වශයෙන් අවශ්‍ය නම් ඒ ආකාරයට පුළුවන්. සංදර්ශන සුනඛයෙකු වශයෙන් පුහුණු කිරීමට අවශ්‍ය නම් එසේත් පුළුවන් එම එක් එක් කටයුතු සඳහා විශේෂිත වූ සුනඛ වර්ග සිටියත් මේ සුනඛ විශේෂයට ඒ ඕනෑම අංශයකින් පහසුවෙන් පුහුණු කළ හැකියි.   


පැටව් බිහිකිරීම සඳහා උම්රෝ කියා පිරිමි සතෙක් ඉතාලියෙන් ගෙන්වූවා. හංකා කියා ගැහැණු සතෙකු සයිබීරියාවෙන් ගෙන්වූවා. උම්රෝගේ පියා ඉතාලියේ පැවැති සංදර්ශනවල දී ශූරතා දිනපු සුනඛයෙක්. තවත් නොබෝ දිනකින් මේ දෙන්නාගේ පැටව් බිහි වීමට නියමිතයි. මට මේ ​ඩොගෝ ආජන්ටිනෝ ජෝඩුව ගෙන ඒමට රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැය වුණා. මේ දෙන්නා ගෙනා ගමන් ලංකා සුනඛ සංගමයේ (K.S.L) ලියාපදිංචි කළා. මෙවැනි වටිනා සුනඛයන් එම සංගමයේ ලියාපදිංචි කිරීම ඉතා වැදගත්. අධික වටිනාකමකින් යුත් මෙවැනි සුනඛයන් එම සංගමයේ ලියාපදිංචි කිරීම ඉතා වැදගත් මොකද? ඒ ​ගොල්ලන් වැඩ කරන්නේ නවීන තාක්ෂණයක් සමගයි.   


මෙවැනි වටිනා සුනඛයෙකු නැති වුවහොත් එය විශාල ගැටලුවක් වෙනවා. ඒ සඳහා කේ.එස්.එල්. එකෙන් විශේෂ තාක්ෂණික ප්‍රයෝගයක් යොදනවා. ඒගොල්ලන්ට සුනඛයා ගිහින් දුන් විට සුනඛයාගේ බෙල්ලට විශේ‍ෂ චීපයක් එන්නත් කරනවා. ඉන් අනතුරුව සුනඛයා නැතිවුවහොත් සුනඛයාගේ සියලු දත්ත ඇතුළත් එම චීපය මගින් සුනඛයා නැවතත් හිමිකරුට ලබා ගැනීම පහසු වෙනවා.   


මේ වර්ගයේ සුනඛයෙකුට මස් ග්‍රෑම් 500 ක් ඇතුළත් ආහාර වේල් දෙකක් දිනකට ලබා දිය යුතු වෙනවා. එසේම උදේට කිරි විටමින් සේම ඒ අතරතුර යෝගට් එක් වැනි දෙයක්ද ලබා දිය යුතු වෙනවා.   


පිටරටින් ගෙන්වන වියළි සුනඛ ආහාරවලට වඩා මෙරට මස් මාංශ පිස පිළියෙල කර දීම ඉතාමත් සුදුසුයි.   
ඩොගෝ ආජන්ටිනෝ සුනඛ විශේෂය කැලයට හුරුව සිටින සුනඛයන් විශේෂයක් නිසා මේ අයට ඇවිදීමට දිවීමට විශේෂ ඉඩකඩක් අවශ්‍ය වෙනවා.   


මෙවැනි සුනඛයෙකු තෝරා ගැනීමේ දී සුනඛයාගේ දේහලක්ෂණ ඇවිදින ආකාරය සිටගෙන සිටින ආකාරය දත් කන් කකුල්, නගුට ආදී බොහෝ දේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. සුනඛයන් පිළිබඳව හදාරා තියෙන අය ඒ පිළිබඳව දන්නවා. සුනඛයෙකු විශාල මුදලක් දී ගන්නා විට ඒ පිළිබඳව දැනුවත් කෙනෙකුගේ සහාය ලබාගැනීම වැදගත් වෙනවා යැයිද ආචාර්ය ලලේන්ද්‍ර මුණසිංහ මහතා අවසන් වශයෙන් පැවැසීය.

 

 

ෂේන් සෙනෙවිරත්න



අදහස් (0)

රටින් ගෙනා ලක්ෂ විස්සක සුනඛ ජෝඩුව අභිජනනයට සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ගාල්ලේ ත්‍රෛභෂික ලිපිය හා පාණදුරා වාද ලේඛනය ලෝක උරුමයක් වෙයි
2025 මැයි මස 08 15 0

ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වුවද, ලංකාව සතුව ඇති ජාතික උරුමයන් හා සංස්කෘතික අනන්‍යතාවන් සුළුපටු නොවේ. එම උරුමයන් බොහොමයක් අපට උරුම වී ඇත්ත


සබරගමු සරසවි සිසුවා සියදිවි නසාගත්තේ නවක වදය නිසාද
2025 මැයි මස 08 23 0

නවකවදය සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ යළි කතාබහක් ඇතිව තිබෙන්නේ පසුගිය 29 වැනි දා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලැබූ 22 හැවිරිදි


තීරුබදු යුද්ධය ලෝකය කළ දේ සහ අප නොකළ දේ
2025 මැයි මස 08 12 0

දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු‍ රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, ය


සිරි දළදා වන්දනාව පසු විපරම
2025 මැයි මස 08 14 0

වසර දහසයකට පසු පැවති සිරි දළදා වන්දනාව සාර්ථකව අවසන් වූයේ ඉකුත් 27 වැනිදායි. වසර දහසයක් වැනි දීර්ඝ කාලයක් බෞද්ධ බැතිමතුන්ට එම අවස්ථාව නොලැබීම ද මෑත ඉතිහ


ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 97 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 60 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1279 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 330 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site