(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන " මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා - 2026 " රූ රැජින තරගාවලියේ , අවසන් මහා තරගය විනිශ්චය කිරීම සදහා ජාත්‍යන්තර විනිසුරුවරුන් කණ්ඩායමක් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ  විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ මෙරටට පැමිණියහ .

ඔවුන් අතර මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ( Miss Grand International ) සභාපති තායිලන්ත ජාතික නවාත් මහතා , එම තරගාවලියේ උප සභාපති තෙරේසා මහත්මිය , මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් - 2025 තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පිලිපීනයේ එමා මහත්මිය , මිස් එම්.ජී.අයි.ඕල්ඩ් ස්ටාර් ( M.G.I.- Old Star ) තරතරගාවලියේ ජයග්‍රාහිකාව වූ කොළොම්බියාවේ වෙනේසා මහත්මිය සහ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ ඉන්දියාවේ සර්ගම් කෞශල්‍යා මහත්මිය ද පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂ මෙන්ම එහි ප්‍රධාන පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .