ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිස්පාදන සමාගම, ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ එක් වී, නිපදවා ඇති 'ෆයිසර්' එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවත්, ඉදිරි දින කීපයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹෙනු ඇති බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වනවිට නිපදවා ඇති වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගමේ මෙම එන්නතය. මෙයි සාර්ථකත්වය සියයට 95 කට වැඩිය.
'ෆයිසර්' එන්නත ද මාත්‍රා දෙකකින් යුක්ත වන අතර, එන්නත සම්බන්ධයෙන් ඇති ගැටලුව එන්නත ගබඩා කිරීමට අධි ශීතකරණ අවශ්‍ය වීම යැයි මහාචාර්ය ජයසුමන මහතා පැහැදිලි කරයි.
ඒ සම්බන්ධයෙන් 'ෆයිසර්' සමාගම විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහාචාර්ය ජයසුමන මහතා පවසා තිබේ.
(ඩේලි මිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිනම් යුරෝපිය රටවල, ඇමෙරිකාවේ නිෂ්පාදිත එන්නත් ලංකාවට ගේනවට තදින්ම විරුද්ධ වෙමු. අපි ගන්නේ අපේ මිත්‍ර රටවල් වන චීනයේ සහ රුසියාවේ නිෂ්පාදිත එන්නත් පමණි. ජිනිවා වලදී අපිට විරුද්ධව සිටි සතුරු බටහිර කුමන්ත්‍රණ රටවල එන්නත් අපට එපා. මොනවටද මේ යුරෝපිය කුමන්ත්‍රණ රටවල හිගකන්නේ දේශප්‍රේමී අපේ මිනිස්සු බටහිර කුමන්ත්‍රණ රටවල එන්නත් වලට විරෝධය දක්වමු.
ඔව් ඔව් තව මැරෙනකල් සාකච්ඡා කර කර ඉනනකෝ