IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ළමා-වැඩිහිටි සුබ සාධනයට පුළුල් සංවාදයක් ඕනෑ

(අංජුල මහික වීරරත්න)

ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි.

විපක්ෂ නායකවරයා මෙසේද කියයි.

ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එක ම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක්.

'අද දරුවා හෙට වැඩිහිටියකි.' මේ ආත්තෝපදේශය අපට දරුවන් සහ වැටිහිටියන් ගැන මනා වැටහීමක් ලබාදෙයි. ළමුන්ගේ සුරක්ෂිතභාවය යනු සමාජයේ යහපැවැත්ම යි. සමාජයේ යහපැවැත්ම අනාගතයට දායාද කරනු ලබන වැඩිහිටියන් යනු රටක පූර්වාදර්ශ, පරමාදර්ශ සනිටුහන් කරන පිරිස යි. මේ දෙපිරිසම ආරක්ෂා කිරීම රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සමාජය විසින් ඉටු කළ යුතු වගකීම් සහ වගවීම් නිවැරදි ලෙස ඉටුකිරීම රටක යහපත් පැවැත්මක් අපේක්ෂා කරන අයගේ වගකීම යි.

අපගේ සමාජයේ සාරධර්ම පෝෂණය කරනු ලබන ප්‍රධාන ආගමික ඉගැන්වීම් හතරකම මග පෙන්වීම් අපිට උරුම වී ඇත. මේ සෑම ආගමික මග පෙන්වීමක් තුළ මෙන්ම අප හුරුපුරුදු කරගත් යහපත් චර්යාවන් තුළ ළමයා සහ වැඩිහිටියා යනු අපේ වගකීමක් බව අපට පෙන්වා දී ඇත.

ඒ අනුව වර්තමාන සමාජය තුළ ළමුන් මුහුණ දෙන අභියෝගත් වැඩිහිටියන් මුහුණ දෙන ගැටලුවත් සලකා බලන විට වඩ වඩාත් මේ දෙපිරිස කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇත. එක් පැත්තකින් ළමා අපයෝජන වැඩිහිටියන්ට කරන නොසැලකීම වර්තමානයේ බහුල ලෙස වාර්තා වෙන පසුබිමක ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා වූ වැඩසටහන් වඩාත් ශක්තිමත් කළ යුතුව තිබේ. මෙවර ළමා දිනයේ තේමාව ‘ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න’ යන්න යි. ළමා අයිතිවාසිකම් පිළිබඳව මෑත කාලයේ පාර්ලිමේන්තුව තුළත් සමාජය තුළත් බරපතල කතිකාවක් නිර්මාණය වී තිබේ. මේ පිළිබඳව කටයුතු කිරීමේ දී අපට උරුම සංස්කෘතික පදනම සාරධර්ම සහ පිළිගැනීම් අතීතයෙන් පෙන්වා දී ඇති ඉගැන්වීම් නොසලකා කටයුතු කළ නොහැක. එබැවින් ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ දී අප ඒ සියල්ල සැලකිල්ලට ගත යුතුව තිබේ.

අපගේ යහපැවැත්ම සහ අපගේ අයිතිවාසිකම් යන තේමාවෙන් සමරන වැඩිහිටි දිනයේ දී එකී තේමාව තුළම වැඩිහිටියන් පිළිබඳව විග්‍රහයක් සහ අපගේ වගකීම් පිළිබඳව සිහිපත් කිරීමක් සිදු කර තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය සීඝ්‍ර ලෙස ඉහළට යමින් පවතී. නවතම වාර්තාවක් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහනය තුළ වයස අවුරුදු සියය ඉක්මවූ පන්සිය හතලිස් හතකට ආසන්න පිරිසක් සිටින බව යි.

වැඩිහිටි ජනගහනය යනු මනා අධ්‍යාපනයක් ලැබූ අත්දැකීම්වලින් පිරිපුන් පිරිසකි. එමෙන් ම අපගේ රටේ සෞඛ්‍ය සේවාව නිසා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි පිරිසක්ද වේ.එබැවින් වැඩිහිටි ජනගහනය රටේ අභිවෘද්ධියට ඵලදායි ලෙස සම්බන්ධ කර ගැනීම අපගේ වගකීමකි. එය අපගේ යහපැවැත්මට මෙන්ම ඔවුන් වෙනුවෙන් අප සුරකිය යුතු අයිතිවාසිකමකි. මේ පිළිබඳව ආණ්ඩුව නිවැරදිව කල්පනා කොට ක්‍රියා කරන්නේ ද යන්න ප්‍රශ්න සහගත ය. ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් කැපවුණු දිනය එක් දිනයකට සීමා නොකොට වසර පුරාම අපගේ වගකීමක් සහ වගකීමක් ලෙස ක්‍රියාත්මක කරලීමට කැපවෙමු.

 



අදහස් (2)

ළමා-වැඩිහිටි සුබ සාධනයට පුළුල් සංවාදයක් ඕනෑ

කව්ද බෝයි Wednesday, 01 October 2025 08:24 AM

සංවාද කර කර ඉන්නකොට ළමයි වැඩිහිටියෝ වෙලා, වැඩිහිටියෝ මිය පරළොව ගිහිල්ලා.

:       0       5

Perera Wednesday, 01 October 2025 09:14 AM

මුන් ආණ්ඩු කරපු කාලේ මෙලෝ අල බෝලයක් කලේ නැහැ. දැන් එනවා පුළුල් සංවාද ඉල්ලගෙන. පැත්තකට වෙලා ඉන්නවා හලෝ. ආණ්ඩුවට වැඩ කරන්න දීලා.”

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site