IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
ආහාර පාන හා වෙනත් ද්‍රව්‍යවල අවශ්‍යතා සහිත ළමා නිවාසවලට ස.තො.ස මගින් එම ද්‍රව්‍ය සපයාදීමට  පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් වෙත උපදෙස් ලබා දී ඇති බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
කොරෝනා වයිසරය ව්‍යාප්තවීමේ බලපෑම හේතුවෙන් රට පුරා උද්ගතව ඇති තත්වය මත මෙම පියවර ගත් බව පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ළමා නිවාසවලට විවිධ පුද්ගලයන් ආධාර ලබාදීමට පෙළඹී ඇති බවද, එසේ වුවත් බාහිර පුද්ගලයන් ඒ සඳහා යොමුවීම තුළින් ළමුන් දැඩි අවධානම් සහගත තත්වයකට පත්වීමටද ඉඩ ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
මේ වනවිට රට පුරා ළමා නිවාස 400 පමණ ළමුන් 11,500ක පමණ සිටින බවද ,විශේෂයෙන් සමාජ මාධ්‍ය මගින් වැරදි තොරතුරු පැතිර යාම සම්බන්ධයෙන්ද, ළමුන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සම්බන්ධයෙන් ද අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
 
මේ සඳහා සම්බන්ධ කරගත යුතු පළාත් කොමසාරිස්වරුන්ගේ නම් සහ දුරකතන අංක ද පහත දැක්වෙන එම නිවේදනයේ සඳහන් කර ඇත.



අදහස් (1)

ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර

මව්බිමේ අනාථයා Saturday, 28 March 2020 01:27 AM

සතොසින් නොමිලේ භාණ්ඩ දෙන්නේ නැහැනේ අරමුදලක් නොමැතිව එදිනෙදා ලැබෙන මුදලින් පවත්වාගෙන යන මම දන්නා ළමා නිවාසයක් තියෙනවා එයට කාර්ය මණ්ඩල වැටුප් ගෙවන්නත් දරුවන්ට ආහාර හා වෙනත් අවශ්‍යතා ලබාගන්නත් වත්කමක් නැහැ. තවත් නිවාසයක් ගැන අහල තියෙනවා එය පවත්වන ගොඩනැගිල්ල පරිවාස දෙපාර්තමේන්තුවට ළමා නිවාසයක් වෙනුවෙන් පරිත්‍යාග කල එකක්. නමුත් එයත් පවත්වන්නේ දෙපාර්තමේන්තුවෙන් නොවෙයි පාලක මණ්ඩලයකින් කියලයි ආරංචි. එවැනි නිවාස දෙපාර්තමේන්තුවෙන්ම පවත්වනවා නම් ඉතාම හොඳයි කතරගම පැත්තේ රජයෙන්ම පවත්වන වැඩිහිටි නිවාසයකුත් තියෙනවා නම් මම දෙවනුව කියපු ළමා නිවාසයත් එසේ කරන්න බැරි ඇයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 230 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 115 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site