
(අංජුල මහික වීරරත්න)
'' ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01 දින " ලෝක ළමා දිනය " ලෙස පිළිගෙන සමරනු ලබයි. මෙම වසරේදී "ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට " යන තේමාව යටතේ ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් හා පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 දිනෙන් ආරම්භව 2025-10-01 දින දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව "ළමා දින ජාතික සතියක් " ප්‍රකාශයට පත් කිරීමට තීරණ කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කො ලමා දිනයක් කියන්න නැත්නම් ලමා සතියක් කියන්න. දින සතියක් කියලා එකක් සිංහල භාෂාවේ තියා දෙමල භාෂාවේවත් නැතුව ඇති. ඉංග්‍රීසි භාෂාවේ නම් එහෙම යෙදුමක් නෑ කියලා දන්නවා. භාෂාව වනසන්න එපා.