
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ සහාය ලබන යේමනයේ හූති සටන්කාමීන් සෞදි අරාබියට යළි මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර සෞදි අරාබිය අනතුරු අඟවා තිබුණේ හූති සටන්කාමීන් එල්ල කරන ප්‍රහාරයන් දැඩි පිළිතුරු ලබාදෙන බවටය.
රතු මුහුද ආශ්‍රිත යේමනයේ බටහිර වෙරළේ බලය අල්ල ගනිමින් හූති සටන්කාමීන් අඛණ්ඩව ඉදිරියට පැමිණෙමින් සිටින බවද යේමන බලධාරීහු පවසති.
යේමනයේ ඉරාන හිතවාදී හූති සටන්කාමීන් සෞදි අරාබියට එල්ල කළ නවතම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් සිවිල් වැසියන් 13 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වූවේය.
එහිදී දකුණු සෞදි අරාබියේ ඛමීස් මුෂයිට් ප්‍රදේශයේ හමුදා ගුවන් කඳවුරකට හූති සටන්කාමීන් මිසයිල සහ ඩ්‍රෝන දුසිම් ගණනක් එල්ල කළ බව හූති සටන්කාමීහු ප්‍රකාශ කළහ.
ගුවන් යානා නවතා තබන ස්ථාන, රේඩාර් පද්ධති, ධාවන පථ සහ පතොරම් ගබඩා එම ප්‍රහාරවල ඉලක්ක වූ බවත්, යේමනයට සෞදි අරාබිය එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර සිදුකළ බවත් හූති සටන්කාමීහු පවසති.
ප්‍රහාර හේතුවෙන් දකුණු සෞදි නගර හතරකට හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ අතර, යේමනයේ තායිස් ප්‍රදේශයට සෞදි ගුවන් ප්‍රහාර එල්ල වූ බවත්, එහිදී සිවිල් වැසියන් තිදෙනකු, දරුවන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බවත් හූති බලධාරියකු ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, එම මරණ සංඛ්‍යාව ස්වාධීනව තහවුරු කරගෙන නොමැති බවද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd