
(නිමල කොඩිතුවක්කු)
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී අද(23) පස්වරුවේ විරෝධතාවයක පවත්වති.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම විරෝධතාවය විශාල ජනතා සහභාගීත්වයක් ඇතිව සිදුකෙරිණ.
වහාරමහාදේවී උද්‍යානයේ බුදුපිලිමය ඉදිරිපිටිට රැුස්වූ පිරිස විරෝධතා පුවරු ප‍්‍රදර්ශණය කරමින් සටන් පාඨ කියමින් නැටුම් ගැයුම් හා සංගීත භාන්ඩ වාදනය කරමින් නෙලූම් පොකුණ දෙසට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත විය.
කිරි කොරහ සංස්කෘතික අංගයක්ද විරෝධතාවය අතරතුර ආදී වාසී ජනතාව ඉදිරිපත් කරනු ලැබීය.
‘‘පරිසරය’’ යනුවෙන් සඳහන් කළ මිනීපෙට්ටියක්ද විරෝධතාකරුවන් පා ගමනින් රැගෙන ගියේය.
(ඡායාරූප ශාන්ත රත්නායක)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිසරයට, සතුන්ට පණ මෙන් ආදරේ කරන පුද්ගලයෙක් වශයෙන් මම ඔබසැමට සුබ පතනවා. හැබැයි සජිත්, මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා...ඔබට හැකිනම් ප්‍රකාශකරන්න " ...සමගි ජන බලවේගයේ රජයක් බලයට පත්වුණු වහාම.. මේ රජය යටතේ මුදලාලිලාට දුන්නු අක්කර 800000ක් ඉඩම් වහාම වන්දි රහිතව රජයට පවරාගෙන වනවගා කරනවා. ආදි වාසීන්ගෙන් පැහැරගත් ඒ අයගේ ඉඩම් වහාම ඒ අයට ලබාදෙනවා. සිංහරාජයේ ඇති හෝටල් සියල්ලම බිමට සමතලාකොට වනය වවනවා. සිංහරාජ වනයේ ඇති පුද්ගලික ජල විදුලි ව්‍යාපෘති සියල්ලම වන්දි විරහිතවම නවතා දමනවා. අනවසර ඉදිකිරීම්, කැළෑ කැපිම්වලට අවසර දුන්නු සියලුම නිලධාරින් පෙන්ෂන් නැතිවම ගෙදර යවනවා..."කියලා. ඒ වගේම ඔබලා බලයට පත්වුණොත්, ඉස්සර වගේ " හිටපු කෙනාගේ පිට කසන්න " ගියොත් ඔබලාට වැඩ වරදීවි. ඒ නිසා ජනතාවට පොරොන්දු වුණු දේවල් කිව් ලෙසම ඉටුකළ යුතුවේ.
හයියෝ විජිත , අක්කට 800,000ෆොටෝ ටිකකුත් දාන්නකෝ විල්පත්තු එහෙම නෙවෙයි හොඳේ. ආණ්ඩුව වගා කරුවන්ට මහවැලියෙන් ඉඩම් දෙන්න දාපු එකට මමත් ඇප්ලිකේෂන් එකක් දැම්ම ..ඒ වගා කරන්න, ප්‍රොජෙක්ට් රිපෝර්ට් එකකුත් එක්ක හැබැයි ඒවා වත් තවම දුන්නේ නැහැ.
බුදුසරණයි... කියලා ගහපු හරක් ලොරියක් මතක් වුණා. සෙට් එකගේ මුහුණු ටික දැක්කාම..
විජිත්ගේ යෝජනා ටික හොඳයි. මේ ඔක්කොම එකයි. ඔය සජිත් කොතරම් වනාන්නතර එළි කළාද ගෙවල් හදන්න කියලා. අනුරාධපුරේ පුරාවිද්‍යා බිමකුත් ඩෝසර් කළා මතකද? යාල පැත්තේ අය දන්නවා මෙයාගේ වැඩ... දැන් මේ තණකොල ගහෙත් එල්ලෙන්න යනවා.
අපිට හුස්ම ගන්න දීලා ඕගොල්ලන් පාරට එළිබහින එක නවත්වනවද? අර විල්පත්තුවේ කැළෑ කපපු හාදයා ඔතන ඉන්නවද?
විපක්ෂයට යන්නම ඕනෑ මේවා පේන්න. බලේ තියෙද්දි මොලේ නෑ, මොලේ තියෙද්දි බලේ නෑ කියන්නේ මෙන්න මේවට තමයි.
පරිසරය කෙසේවෙතත්..., පුතාණෝ අතුළු නඩය කොවිඩ් නම් බෝකරයි වගේ...
මේ විජිත් කියන්නේ ඊයේ ඉපදුණු ළදරුවෙක් වගේ... නැතිනම් පුතාණෝ ගැන මෙතරම් වර්ණනා කරාවිද? ලැජ්ජයි, විජිත්... කඩේ ගියාට කමක් නැහැ. නමුත් මේ විදිහට කඩේ යන්න එපා.