(නිමල කොඩිතුවක්කු)
සාධනීය විවේචන සාදරයෙන් භාර ගත්තත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නැතැයි සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
සමගි ජන බලවේගය ”දේශපාලනය” වෙනුවට ”දේශ සේවය” කිරීමේ දේශපාලන ව්‍යාපාරයක් බවත් ජනතාවගේ සිතුම් පැතුම් අවබෝධ කරගෙන ඔවුන්ගේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් කැපවීම එහි දර්ශනය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂයේ භූමිකාව නවීන ලෙසත් ජනතාවාදී ලෙසත් ඉටුකරන හේතුවෙන් ඇතැම් පාර්ශව බියට පත්වී ඇති නමුත් ඒ කිසිවක් තම ගමනට බාධාවක් නොවන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහනට විපක්ෂ නායක කාර්යාල දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
“අපි යන දිසාව මොකක්ද කියලා කවුරුහරි ප්‍රශ්න කරනවා නම් අපි යන දිශාවක එක සලකුණක් කියලා විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන අපි ඒ අයට පෙන්නනවා. අපේ ගමනේ අර්ථය දේශයට සේවයක් සිද්ධ කිරීමයි. ඒ අරමුනින් තමයි අපි මේ සියලු දේ සිදුකරන්නේ.
අපේ දර්ශනය කට වචනයෙන්වත් ,ප්‍රතිඥා වලින්වත් ,ප්‍රතිපත්ති ප්‍රකාශන වලින්වත් සීමා නොවී ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. හදවත පිරිසිදු නම්, ගමන නිවැරදි නම් එයින් රටට ජනතාවට වැඩක් කෙරෙනවා නම්, අන්න එතැනදී ජනතාවගේ අපේක්ෂාවන් සපල වෙනවා.
අර්ථයක් ඇති ,ජනතාව වෙනුවෙන් අපේ ගමනට ප්‍රයෝජනවත්වන ඕනෑම විවේචනයක් දරා ගන්නටත් ඒවාට ඇහුම්කන් දෙන්නටත අපි කිසි විටෙකත් පසුබට වන්නේ නැහැ. හිස් අවලාද ලෙස නගන අර්ථ විරහිත විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරමටවත් අපි ගණන් ගන්නේ නැහැ” යැයිද ඔහු එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාඨලී, රුවන්, හර්ෂ, අකිල වැනි බුද්ධියෙන් හා හැකියාවෙන් වැඩි පිරිසක් වෙත නායකත්වය හිමිවිය යුතු බව පැහැදිලිව පෙනේ.
අපේ රටට හෙණ ගහලා තියෙන කරුණක් තමයි, ඉදිරිය දකින ප්‍රාණවත් විපක්ෂ නායකයෙක් නොමැතිකම...බයිලා කිය කිය වටේ යනවා..
මහත්තයො තමුන්නැහේ තමුන් අලුත හදපු පක්ෂෙට ලොකු හානියක් කරගත්ත ,අර අප්පොච්චිගෙන් ඇමතිකමක් ගන්න තම නායකය , කන්ඩායම පාවා දිල , මේකද අප භලා පොරොත්තුවන වෙනස.
”දේශපාලනය” වෙනුවට ”දේශ සේවය” මෙම වචන ටිකේ නිසි අර්ථය දන්නවා නම් මේ වසංගතය බයානක ලෙස බෝවෙන අවස්තාවක නොවේද මාගේ දුගී දුප්පත් මහජනතාව උද්ගෝෂණ, වැඩවර්ජන වලට කුලප්පු කරමින් පාරවල් දිගේ කෑමොර දුන්නේ .එමගින් රෝගය ව්‍යාප්ත උනේ නැද්ද ?? ඒ තමන්ගේ පටු "දේශපාලන" අවස්‍යතාවය නොවේද ? එහි ඇත්තේ කුමන "දේශ සේවයක්ද" ?
ඔයාගේ බයිලා හිට් වෙන්නේ නෑ .මේ කාලේ හැමෝම බලන්නේ යෝහානිගේ සිංදු
ඔහු වෙනස් කළ යුතුද? ඔහු කෙඳිරිගාමින් කරන ආර්ථික සැලැස්මක් ඔහුට නැත. ඔහු හොඳ නරක කුමක්ද කියා බලන්නේ නැත. ඔහු රජය කරන සෑම දෙයකටම විරුද්ධ ය. ඒ ඔහුගේ දේශපාලන නාටකයයි.
ඔබතුමා නිකුත් කරන නිවේදන , තැන් තැන් වල කියන කතාත් අපි පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගණන් ගන්නෙ නැහැ කියල දන්නවා ද .
එතකොට හිස් කතා .ඔයාල අවුරුදූ 30-40 දේශපාලනේ ඉඳල ඔයාලා පෝසත් වෙලා රට ණය වෙලා.සාටක , ඉඳි අප්ප ප්‍රේමේ ඔක්කොම කලේ කාපු එක තමා.
හරියට හරි විපක්ශ නායක තුමා...ඔබතුමා ඔය යන ගමන සීරුවේ යන්න.අද රටේ පරිපාලනය බැලුවම...රටේ ආණ්ඩුවක් තියෙනවද කියලවත් හිතන්න බැහැ.ඒ තරමට මිනිස්සුන්ට එපා වෙලා.ඔබතුමා පහුගිය ජනාධිපතිවරණයේදී චන්ද ලක්ශ 56ක් ගත්ත එකේ...ඔබතුමාට ඊලග ජය නියතයි .
මෙයාට නම් බාගෙට පිස්සු ,වැරැද්ද මෙයාගේ නෙවේ .මෙයාට උපදෙස් දෙන කෙනාගේ වෙන්න ඕනේ
හිස් බස් දොඩවන අයට, හිස් අවලාද අහන්න වෙනවාම තමයි
වහල්ලුන්ටයි, බයියන්ටයි මේවා තේරෙන්නේ නැහැ...
මෙයාලාගෙන් අපට ලැබෙන්නේ මෙයාගෙන්...
අපිත් ඔහේගේ නාහින් ඇඬිල්ල කෙළපිඩක් තරම්වත් ගණන් ගන්නේ නැහැ...