
(සුජිත් හේවාජුලිගේ )
සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් කර අුැත
සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, සුනඛ ගහනය පාලනය කිරීම මෙන්ම වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණයි.
ඒ අනුව සති 06කට වැඩි වයසැති සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබාගෙන සිටින පුද්ගලයෙකු එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර වාර්ෂිකව අදාළ පළාත් පාලන අායතනයේ ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයෙකුට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බව පනත් කෙටුම්පතේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd