(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක නතර කළ ජාඇළ පොලිස් රථවාහන නිලධාරියාට එම කාන්තාව කනට පහරක් දී යතුරු පැදියද දමා පැනගොස් ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
ජාඇල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මම පොලිසියට බය නැති ගැහැනියක් යැයි කියා පොලිස් කොස්තාපල්වරයාගේ කනට පහරක් ගසා ඇත්තේ ඇය නතර කර ගත් අවස්ථාවේ දී යැයි පොලීසිය කියයි
කාන්තාව විසින් අතහැර දමා ගිය යතුරුපැදිය පොලිස් බාරයට ගෙන ඇත.
එම කාන්තාව සීදුව ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් බවට තොරතුරු හෙළි කර ගත් පොලිසිය අය සොයා ගිය අවස්ථාවේ එම කාන්තාව කිසියම් රෝගී තත්ත්වයකට කාලයක් තිස්සේ සිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවට නිවසේ සිටි අය පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇතැයි කියති.
ජාඇල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්න අපි පරගලයට ස්ත්‍රෝත ගයන්න. බලු අරගලයක් කරල නීතිය බල්ලට දැම්ම. කළුකෝට් කාක්කො උසාවිය හෑල්ලු කෙරුව. තොපේ සහෝදරයකුට ඔහොම උනත් එදාට පොලීසියෙන් පිහිටක් නැහැ . ඒ තරමට අරගල කාරයො පොලීසිය හෑල්ලුවට ලක්කලා
අරාජික රටක මිට වඩා හොඳ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ.කෙසේ වෙතත් අදාල කාන්තාවට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
කනට ගහලා දුවනකන් පොලිස් ගොයියා බකන්නිලා ගෙන හිටියාද? පොලිසියට බඳවා ගන්න ඕනේ ඉස්කෝලේ කාලේ ගහගත්තු මැර කොල්ලන්. ඔවුන් ගුටිකාලා යන්නේ නැත. මට කියලා තිබුණේ ගුටිකාලා ගෙදර ඇවිත් කියන්න එපා කියලා. ඔය ටික හිලරි කලින්ටන්ගේ අම්මා එයාට කියා තිබුණා කියලා ලිවින් හිස්ට්‍රි පොතේ සඳහන් වෙනවා.