(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චිය උත්තිරපුරම් ශිවනගර් ප්‍රදේශයේ දැරියක තමයි සීයා පැදවු කැබ් රියකට යටවී ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි. 

අදාළ දැරිය නිවස තුළ සිට තම සීයා කැබ් රථය පන ගැන්වීමේන් අනතුරුව ඒ දෙසට දිව ගොස් ඇති අතර එහිදී දැරිය කැබ් රියට යටවි මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු එක හමාරක් පමණ වන කිලිනොච්චිය උත්තිරපුරම් ශිව නගර් ප්‍රදේශයේම පදිංචි රූබන් අනාමිකා නැමති දැරියකි.