
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර රැළියට පැමිණීමට නියමිත බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්රධානී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසීය.
නාමල් රාජපක්ෂ මහතා නැති අඩුව නොදැනෙන්නට මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණෙන බවද ජෝන්ස්ටන් ප්රනාන්දු මහතා කීය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලිය ලබන 12 වැනිදා අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවද ප්රනාන්දු මහතා පැවැසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතීම සඳහා ප්රධාන වේදිකාවට ගොඩ නොවී වේදිකාව ඉදිරිපිට ජනතාව අතර හෝ වෙනත් පීඨිකාවක රැඳී සිටිමින් රැලියට එකතු වීමට තීරණය කර ඇති බවත් ජොන්ස්ටන් ප්රනාන්දු මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd