
(අංජුල මහික වීරරත්න)
ලබන 12 වැනිදා අනුරාධපුරේදී පැවැත්වීමට නියමිත පොහොට්ටු ජනරැළියට තමා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා තමන් මෙම රැළියට සහභාගී වීමට තීරණය කළේ යැයිද ගම්මන්පිල මහතා කීය.
කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් උදය ගම්මන්පිල මහතා මෙසේද කීය.
ඉතාම අයුක්ති සහගත සහ නීති විරෝධී ආකාරයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මර්දනකාරී මාලිමා ආණ්ඩුව විසින් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.
ඔහුට එරෙහිව තිබෙන චෝදනාව තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා මිලදී ගැනීමේදී එයාර්බස් සමාගම විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳ වෙන ප්‍රියංකා විජේනායකට ලබා දුන්නු කොමිස් මුදලෙන් ඩොලර් ලක්ෂ අටක් ලබා ගත්තා කියන එක.දැන් මේ චෝදනාවට සාක්ෂි තියෙනවද? මා ඉතාම වගකීමෙන් කියනවා, මේ චෝදනාවට කිසිම සාක්ෂියක් විමර්ශකයන් සතුව නැති බව. එහෙනම් අත්අඩංගුවට ගැනීමේ පදනම මොකක්ද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd