
(තිළිණි ද සිල්වා )
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහර වලට ලබා දීම සම්බන්ධයෙන් උපදේශන සංග්‍රහයක් සැකසීමට රජය කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පැවසීය.
එය කඩිනමින් සකසා කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සත්වෝද්‍යාන උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ නිළධාරින් සමග සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරවයා මේ බව සදහන් කළේය.
නව රජයේ විෂය පථය වෙන් කිරීමේ ගැසට් පත්‍රයට අනුව සත්වෝද්‍යාන හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පැවරී ඇත්තේ සංචාරක අමාත්‍යාංශය යටතට වන අතර සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ හා උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ඡා කිරීම සදහා අමාත්‍යවරයා මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.
හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම හා පෙරහර වැනි ජාතික උත්සව වලට අලි ඇතුන් ලබාදීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුව උපදේශන සංග්‍රහයක් මේ වන විට සකස් කෙරෙමින් පවතින බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.
ඒ අනුව එම උපදේශන සංග්‍රහය අවසන් කළ වහාම අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නැයිද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය '

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමෝ, ඔය උපදේශන මාලාව හදන්න කළින් අලින්ගෙන් උපදෙස් පැතීම හින්දයි. ඒ වගේම උපදෙස් මාලාව අලි භාෂාවෙන් ප්‍රින්ට් කරන්න.
මමත් බෞද්ධයෙක්. ඒත්, මේ රටේ බොහෝ පෙරහරවල් වල අලියා ඇතා කියන මේ දැවැන්ත සත්වයා විලංගු වලින් බැඳ බොහෝ අපහසුතා මැද්දේ ඇත්ගොව්වන් පිරිවරාගෙන බුදු පුදට යන හැටි දකින විට සිතට දැනෙන්නේ මහා දුකක්. අද අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියානම්, මේ සත්ව හිංසාව කිසිසේත්ම අනුමත නොකරනු ඇත. ඒ තරමටම පෙරහරවල් වල දී මේ දැවැන්තයින් අනන්ත දුක් කන්දරා විඳිනා බව පෙනේ. අපගේ සංස්කෘතිය රැකගැනීමට මේ දැවැන්තයින්ට මෙලෙස වද විඳීමට සිදුවී ඇත. බුදුපියාණන් වහන්සේගේ දළදා වහන්සේලා හා සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවීමට අලි ඇතුන් යොදාගත්තත් දිවයිනේ පිහිටි බොහෝ පන්සල් සඳහා මෙවන් සතුන් මෙසේ හිරිහැරයට පාත්‍ර කිරීම් මොනතරම් දුක්බර කතාවක්දැයි සිතා බැලීමට කාලය පැමිණ ඇත. මේ වනසතුන් ඉපදුනේ මිනිසාගේ විලංගු වලට මැදිවී හෙන්ඩුවෙන් නිය තුවාල කරගෙන, යදම් වලින් සිව්පා තුවාල කරගෙන පෙරහරවල් වල යාමට නොවන බව මිනිසා පසක් කරගන්නා තාක්කල්, මේ සතුන් මෙසේ දුක් විඳිනු ඇත. වනාන්තරයේ ගතකළ යුතු ඔවුන්ගේ සුන්දර දිවිය මිනිසාගේ සිරකාරයන් වී අවසන් වීම මහා ඛේදවාචකයක් නොවන්නේද?