
(අංජුල මහික වීරරත්න)
"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරිණි .
රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.
මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.
කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු "ගුවන් හමුදා හෙරළි පෙරළි"ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .
ගුවන් හමුදා හෙරළි පෙරළි ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැල, වරකා නාඳුනන ගැහැණු ඉන්න ලංකාවේ කවුද දන්නේ කොස්වලට හෙරලි කියන්නේ ඇයි කියලා. කුඩා ගසක වැඩි ඵලදාවක් ඇති කොස් වර්ග හඳුන්වා දීම අගය කළයුතු අතර එනිසාම වටිනා දැවයක් වන කොස් ලී නොමැති වීම පාඩුවක් වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ
අපේ රටේ කොස් කඩන්න මිනිහෙක් හොයාගන්න බැරුව ගස් මුල ඉදිලා කුණුවෙලා වැටෙනවා.එහෙම නැත්නම් රිලවු දඩු ලේන්නු කාල අපතේ යනවා. කොස් ගහක් වවලා පලදාව කඩාගන්න වසර ගණනාවක් යනවා. පසුගියදා ලංකාවට ඇවිත් වරකා මදුලක් කාගන්න සෑහෙන්න අමාරු වුනා. එහෙත් ඕස්ට්‍රේලියාවේ කොස් ගස් හදන්නේ රිකිලි හෝ අතු බද්ධ කිරීම මගින්. ගස් ඉතා කොටයි. සුළගට වැටිලා ගෙදරට හානියක් වෙන්නෙත් නෑ. ඉනිමගක් තියලා ගහේ සියලුම කොස් කඩාගන්න පුළුවන්. පොඩි ඉඩක ගස් කිහිපයක් හදාගන්නත් පුළුවන්. කෙටි කලකින් පලදාවත් ලැබෙනවා.ඔය මහා ගස් හදන අතර බද්ධ කිරීම මගිනුත් ගස් වගා කලොත් ඉක්මනින් සහ පහසුවෙන් කොස් ලබාගන්නට පුළුවන්. එබැවින් මේ දෙවිදිහටම වගා කිරීම මගින් යහපත් ප්‍රතිපල ලබාගත හැකිවෙයි කියලා සිතනවා.