
(අංජුල මහික වීරරත්න)
"ගුවන් හමුදා හෙරළි පෙරළි" නමින් දියත් කෙරෙන රට පුරා කොස් පැල මිලියන තුනක් සිටුවීමේ වැඩසටහනේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ආරම්භ කෙරිණි .
රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙන අතර කොස් ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීමත්, කොස් ආශ්‍රිත ආහාර ලාංකීය ජනතාව අතරට ගෙනයාමත් මෙහි අරමුණයි.
මෙම වැඩසටහන යටතේ මෙම වසරේදී පමණක් කොස් පැළ හැත්තෑ පන්දහසක් වගා කිරීමට අපේක්ෂා කෙරේ.
කොස් පැල වගාව සම්බන්ධයෙන් ලියවුණු "ගුවන් හමුදා හෙරළි පෙරළි"ග්‍රන්ථය ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්විණි .
ගුවන් හමුදා හෙරළි පෙරළි ග්‍රන්ථයේ කොස් වගාවට අමතරව ඒ හා සබැඳි නිෂ්පාදන පිළිබඳව අන්තර්ගත වී තිබීම ද විශේෂත්වයකි.

2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙරළි පෙරළියට ජනපති මුල පුරයි
චමින්ද Sunday, 02 April 2023 04:19 PM
වැල, වරකා නාඳුනන ගැහැණු ඉන්න ලංකාවේ කවුද දන්නේ කොස්වලට හෙරලි කියන්නේ ඇයි කියලා. කුඩා ගසක වැඩි ඵලදාවක් ඇති කොස් වර්ග හඳුන්වා දීම අගය කළයුතු අතර එනිසාම වටිනා දැවයක් වන කොස් ලී නොමැති වීම පාඩුවක් වෙන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනෑ
චින්තක Monday, 03 April 2023 10:24 AM
හෙරළිය කියන වචනයේ ය අක්ෂරය ලොප් වෙලා හෙරළි වෙලා තියෙන්නෙ.මේක අතීතයේ කතාවක් .බොහොම ඉස්සර කිසිවෙක් කොපමණ කුසගිනි තිබුනත් කොස් කාල නැහැ ඉතින් මේක දැක්ක සක්‍රයා මිනිසුන්ට පිහිටක් වෙන්න හිතලා අහිංසක මෙන්ම තරමක් වයසක කෙනෙක් ලෙසට වෙස් මාරුවක් නැත්නම් මේකප් එකක් දාගෙන දුප්පත්ම ගෙදරකට ගොස් කෑමට යමක් ඉල්ලලා තියෙනවා ගෙදර කිසිවක් නැහැ කිව්වම අර මනුෂ්‍යයා ගහක තිබුන හොදින්ම පැසුණු කොස් ගෙඩියක් කඩල කපා ලිපේ තියල මම එනතුරු මොකුත්ම කරන්න එපා කියලා නාගෙන එන්න දොලට ගියාලු දැන් ඉතින් කොස් තැම්බෙන වෙලාවෙ අර ගෙදර හිමි කාන්තාවට කටට කෙළ උනන්න ගෙන තියෙනවා ගෑනිට බැරිම තැන කොස් මදුලක් දෙකක් කාල තියෙනවා රසේ තරම ආගන්තුකයා එනවිට භාගයක් පමණ ඉවරයි ඉතින් සුලු බහින්බස් වීමක් වෙලා ගෑනිට කිව්වලු හෙරළිය කියලා හෙරළිය කිව්වම හොරගෑනියෙක් වෙනනිසා අර ගෘහණිය තමනුත් බේරිලා කොස් වලට හෙරළි කිව්වලු එහෙමයි අපේ ආතම්මා අපිට කියලා දුන්නෙ
ගොන්ගාලේ ගොඩබණ්ඩා Sunday, 02 April 2023 04:55 PM
අපේ රටේ කොස් කඩන්න මිනිහෙක් හොයාගන්න බැරුව ගස් මුල ඉදිලා කුණුවෙලා වැටෙනවා.එහෙම නැත්නම් රිලවු දඩු ලේන්නු කාල අපතේ යනවා. කොස් ගහක් වවලා පලදාව කඩාගන්න වසර ගණනාවක් යනවා. පසුගියදා ලංකාවට ඇවිත් වරකා මදුලක් කාගන්න සෑහෙන්න අමාරු වුනා. එහෙත් ඕස්ට්‍රේලියාවේ කොස් ගස් හදන්නේ රිකිලි හෝ අතු බද්ධ කිරීම මගින්. ගස් ඉතා කොටයි. සුළගට වැටිලා ගෙදරට හානියක් වෙන්නෙත් නෑ. ඉනිමගක් තියලා ගහේ සියලුම කොස් කඩාගන්න පුළුවන්. පොඩි ඉඩක ගස් කිහිපයක් හදාගන්නත් පුළුවන්. කෙටි කලකින් පලදාවත් ලැබෙනවා.ඔය මහා ගස් හදන අතර බද්ධ කිරීම මගිනුත් ගස් වගා කලොත් ඉක්මනින් සහ පහසුවෙන් කොස් ලබාගන්නට පුළුවන්. එබැවින් මේ දෙවිදිහටම වගා කිරීම මගින් යහපත් ප්‍රතිපල ලබාගත හැකිවෙයි කියලා සිතනවා.