(සුජිත් හේවාජුලිගේ )

මෙවැනි දේවල් අපට තව ශක්තියක් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු සිය පුතා නාමල් රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.

නාමල් රාජපක්ෂ මහතා දැක ගැනීමට හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාරයට අද පෙරවරුවේ ගියේය.

හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

මේවා අපිට හොඳට හුරු දේවල්.නාමල් මීට කලිනුත් මෙතන ඉඳලා තියෙනවානේ. මමත් හිටියා. මේවා පසුබෑමක් නොවෙයි. අපිට තව ශක්තියක්.