IMG-LOGO

හොරවිපොතාන ප්‍රා.සභාව උණුසුම් වෙයි

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වූ අයවැය අද (16) දෙවන වරටත් ඉදිරිපත් කළ අවස්ථාවේ දී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජේරත්න මහතා විසින් අද (16) දහවල් පැවැති සභා රැස්වීමට අයවැය ඉදිරිපත් කොට මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු ඡන්ද විමසීමක් ලබා නොදී රැස්වීම් භූමියෙන් පලායාමත් සමග මෙම උණුසුම්කාරී තත්වය ඇතිවිය.

එහිදී උරණ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැය ලේඛන, මන්ත්‍රීවරුන් ට  බීමට ලබාදී තිබු ජල බඳුන් සහ පුටු බිම ගසා දැඩි විරෝධයක් දැක්වූහ.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව නියෝජනය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් අට දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හතරදෙනෙකු, සභාපති වරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් හයදෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රීවරයෙකු සහ ස්වාධීන එක් මන්ත්‍රී ධුරයක් වශයෙනි.

 

 

 

 



අදහස් (0)

හොරවිපොතාන ප්‍රා.සභාව උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 36 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site