(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුව කරන්නේ නම් එය හරියට කළ යුතු බවත් ජනතාවාදීව කටයුතු කළ නොහැකිනම් ආණ්ඩුව අතහැර යා යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් අද (3) දැනුම් දුන්නේය.
එසේම මන්ත්‍රීවරයා විසින් එම ලිපියෙන් ජනාධිපතිවරයාට යෝජනා පහක්ද ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඔහු ඉදිරිපත් කරන එම යෝජනා පහ වන්නේ ඖෂධ හිඟය වැළැක්වීම සඳහා සුවිශේෂ ප්‍රමුඛත්වයක් ලබාදී ඖෂධ කඩිනමින් ගෙන්වීමට අවශ්‍ය පියවර ගැනීම, ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පමණක් ගෙන්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමට කටයුතු කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආධාර මුදලක් කඩිනමින් ලබා දීම, කඩිනම් වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමයි.
ජනතාවගේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බවත් රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව ඇතුළු සියළු බලවේගවලට නිවැරදි තොරතුරු සන්නිවේදනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා එම ලිපියෙන් දැනුම්දී ඇත.
මේ මොහොතේදීවත් නිසි කලට නිවැරදි තීන්දු ගනිමින් හා ජනතාවගේ ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.
එසේම ආණ්ඩුවක් ලෙස කණ්ඩායමක් ලෙස සියලුම දෙනා එක්ව තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරිද ජගත් මහත්තයෝ අල්ලපු රටට අත දික්කරලා ණයක් ඉල්ලනවා වෙනුවට මැතිඇමැති දීමනා අවුරුද්දකට කප්පාදු කරලා ඒ මුදල ඖෂධ හිඟය වැළැක්වීමට යොදවන්න කියලා...? ඒ වගේම පාර්ලිමේන්තු සැසිවාරය මාසයකට එක්වරක් පමණක් තියන්න කියලා දිනකට යන වියදම වන රුපියල් කෝටිය ගානේ ඉතුරු කරලා ඒ මුදලත් ඖෂධ ගෙන්වන්න යොදවන්න කියලා ඔබ ඉදිරිපත් කරපු එම යෝජනාවලට එකතු කරන්න...!
මෙයාට ඇමැතිකමක් හම්බවුණා නම් මොකුත් නෑ. ජනතාවාදය කියලා ඔක්කොම නිකන් දීලා රටක් කරන්න බෑ. සහන දිය යුත්තේ අවශ්‍යම පුද්ගලයින්ට පමණයි. ලෝකයේ මොන රටකවත් මේ වගේ නිකන් දෙන දෙයක් නෑ. මේවා නිකං කිව්වත් මහන්සි වෙලා වැඩ කරන ජනතාව තමයි මේවාට ගෙවන්නේ. දේශපාලනඥයන්ගේ සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ හොරකම සම්පූර්ණයෙන් වැළැක්විය යුතුයි.
වගා සංග්‍රාමය අසූචි සහ මුත්‍ර දමලා වල්පැල තමයි වවන්න වෙන්නේ... බීජ වර්ග නෑ. පොහොර නෑ. කෘෂි රසායන ද්‍රව්‍ය නෑ.
ඔයත් ඔය ආණ්ඩුවේ කෙනෙක්... අපිට වේලක් ඇර වේලක් කන්න කිව්වේ. ඔයාටත් හරියට කරගන්න බැහැ. යන්න ගෙදර..
මාර පොරක් කියන්නේ... ඔයගොල්ලෝ ඔක්කොම එපා කියලා කියන්නේ අපි..
ඩබල් ගේම් තමයි. එක එක වෙලාවට කතා වෙනස් කරනවා. මට හිතෙන්නේ ලොකු තනතුරකට හෝ ජනප්‍රිය වෙන්න දඟලනවා..
මේ මොහොතේදීවත් නිසිකලට නිවැරැදි තීන්දු ගනිමින් හා ජනතාවගේ ප්‍රශ්න වලට වහා විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය. මෙන්න මේක හරියට නොකරපු එක තමයි මේ රජය මේ තත්වයට වැටෙන්න හේතුව. "අපි තමයි හොඳටම කෙරුවේ" කීවා. ඔය කෙරුවේ. උගතුන්ට ඇහුන්කන් දෙන්න තරම් නිහතමානී වුණේ නැහැ. මම තමයි වැඩකාරයා, මොලකාරයා කියලා හිතෙන හිතෙන දේවල් කෙරුවා. මෝඩයින් ටිකක් වැදගත් තනතුරු වලට දාගෙන රට කෑවා. අහෝ අපිට වෙච්චි දෙයක්... අපි කවදා ගොඩයමුද?
එහෙම යන්නේ නම් නැහැ. කොහොම හරි උත්සාහ කරලා යවන්න....
පුදුම රට, ජාතිය ගැන හැඟීමක්නේ දැන් මේ මිනිස්සුන්ට තියෙන්නේ... ඔක්කෝම අය හොරා කාලා කාලා දැන් 225ම දැන් බෝධිසත්වයින් වගේ කතාව...
ගෝඨාභය පමණක් නොව ඔක්කොම එළවන්න ඕනේ..