(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.
එයට අදාල පත්වීම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේදී අද(02) පරිනමනු ලැබීය.
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී තනතුරට අමතරව නියෝජ්‍ය මහලේකම්, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සහ සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙෂ කටයුතු කළේය.
මෙම අවස්ථාව සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින් වගෙ මැටිමෝලෙකුට චන්දෙ දෙන්න ගම්පහ දිස්ත්‍රික්කයෙ මිනිස්සු නෙ
මෙයා කලිනුත් මෙහෙයුම් ප්‍රධානියෙක් තමයි...
කැහි ගෑණි දීලා, හොටු ගෑණි ගත්තා වගේ කියන සිංහල ප්‍රස්ථා පිරුළ මතක් වෙනවා.
මොනවා කළත් සජිත් බලයට එන්නේ නෑ... ජේ.වී.පී තමයි එන්නේ.