
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ධූරයට පත්වීමෙන් පසු පළමු ඉන්දීය නිල සංචාරය සනිටුහන් කරමින් අද (16)නවදිල්ලි නුවරට ළඟා වූවාය.
එහිදී ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය ඇතුළු නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු අගමැතිනිය පිළිගත්හ.
මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
අග්‍රාමාත්‍යවරිය 2025 NDTV ගෝලීය සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිත අතර එහිදී ඇය සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ඇත.
දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය මෙහිදී තමා ඉගෙනුම ලැබූ හින්දු විද්‍යාලය නැරඹීමට ද එක් වනු ඇත.
එමෙන්ම, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වාණිජ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා අවධානය යොමු කරමින් ව්‍යාපාරික වැඩසටහනකට සහභාගී වීමට අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරන පාසල බලන්න යනවා කියන්නේ පුද්ගලික ගමනක්. ඒක කොහොමද රජයේ වියදමින් ගිය ගමනක් අතරේ යන්නේ. රනිල්ව අත් අඩංගුවට ගත්තෙත් ඔහොම ගිහින් කියලා. දැන් අගමැතිනියවත් ඇතුලට ගනීවිද දන්නේ නෑ ඒකම කරලා.
ජවිපෙ සාමාජිකාවක් වුනාට එතුමියට සෑහෙන අවස්ථා ලැබිල තියෙනවා, මේ ගමේ දුප්පත් කෙල්ලක්ට නම් ඉතින් ඕව හීන
සේපාලි… අර අප්පච්චි කියන එකා සහ එයාගේ සනුහරේ හොරකම් කලේ ඔය ගොල්ලන්ගේ සල්ලි කියන එක තවම තේරෙන්නේ නෑ නේද…?
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික මෝඩයෝ සහ ඔවුන්ගේ වහල් අනුගාමිකයන් / එන්පීපී බයියෝ ඉතා පහත් මට්ටමේ පෞද්ගලික දේවල් පසුපස හඹා යති. අපි ඇගේ පෞද්ගලික දේවල් ගැන තැකීමක් කරන්නේ නැහැ. වැදගත් වන්නේ මේ කාන්තාව අගමැතිනිය ලෙස රට වෙනුවෙන් කරන දේයි. ඇය දැනටමත් ඒ හා සමානව වැඩකට නැති පොල්රාජ් සමඟ වඩාත්ම සංවේදී විෂයයන් සහ කාරණා අවුල් කර ඇත.
ඔබතුමිය සමග එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරු මිතුරියනුත් මුණ ගැහෙන්න හොද අවස්ථාවක්...
ඉතින් අපිට පාන්ද?
හොදට හතර දික්භාගේ රවුම් ගහලා එන්න ඕනේ හරිද? කොච්චර ආඩම්බරයක්ද ඩෝබිලාට
පිටිගල මිලානෝ සහ අරවින්ද මොනරවිලට රිදුනාට කරන්න දෙයක් නෑ. මේ පෙන්වන්නේ යතාර්ථය. උසස් තැනකට ගිය කෙනෙක්ව පිටරටකට ගියා වුනත් පිලිගන්නේ ඒ කලින් හිටපු තැන දැන් ඉන්න අයට ආදර්ශයක් නිසාත් එයින් ඒ ආයතනයට තවත් පිලිගැනීමක් එන නිසාත්. රනිල් සහ හරිනි එකම දේ කරලා රනිල් වැර්දියි හරිනි හරියි කියන්නේ යුක්තිය නැති කිරීමක් පමණයි. ඒ බව සැඟවීමට හේතුවක් තියනවද? මෙතැන විතරක් නොවෙයි, යහපාලන කාලෙත් ඔය දේ වුණාම මම ලියලා තියනවා. ලොකු වැරැදිවලට යහපාලන රජයේ අයට පැය දෙකෙන් ඇප අනික් අයට දවස් ගණන් රිමාන්ඩ්. හිරුනිකා පැය දෙකෙන් එළියේ සහ ජනාධිපති මයිත්‍රීගේ සොහොයුරා එලියේ සිටීමත් ලාල් කාන්ත දවස් ගණන් රිමාන්ඩ් හිටපු එකත් ඒ වගේ වැරැදි තමයි. ඒවාටත් අපි ලිව්වා. ඔයාලා කොහේද එතකොට හිටියේ. මෙතන රාජපක්‍ෂලා ගැන කතාකරලාවත් නෑ. මෙතැන තියෙන්නේ කවුරුකරත් එක හැන් දෙන් බෙදන්න කියන එකයි. අනික ඔයාලාගේ පක්‍ෂය බලයට ආවේ රනිල් සහ රාජපක්ෂ කට්ටිය කරපු දේ ආයේ කරන්නේ නෑ කියලනේ. මට නම් පුද්ගලිකව හරිනි කරපු දේ වැරදි කියලා පේන්නේ නෑ නමුත් ඊයෙ පෙරේදා රනිල්ට කරපු දේ නිසා ඒකම දැන් රටේ දෙවෙනි පුරවැසියා කරාම හරිද කියලා හිතුණා...