(ඉන්දිකා රාමනායක)

ප්‍රංශයේ  සිට තීරු බදු නොගෙවා  කිලෝ 1 යි,  ග්‍රෑම් 430 ක් බර රන් බඩු  මෙරටට රැගෙන ආ පුද්ලගලයකු අද (31) අලුයම  කටුනායක  ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම රන් බඩු පැළද  මොහු  අද අලුයම  යු එල් 564  දරණ ගුවන් යානයෙන්   කටුනායක ගුවන්තොටු පොළය පැමිණ ඇති  බවත්, ගුවන්තොටුපොළ පොලිසිය ලද තොරතුරකට අනුව පැමිණීමේ පර්යන්ත  අසලදී වැටලීමක් සිදුකර මොහු අත්අඩංගුවට ගෙන ඇත.

රන්  දම්වැලක්, පෙන්ඩන්ට් එකක්, හා  අත් පළදනාවක් වශයෙන් මේවා පැළද පැමිණ සිටි බවද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය එලුවිල්  ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි පුද්ගලයෙකි.

 වැඩිදුර පරීක්ෂණ සදහා සැකකරු රේගුව වෙත බාර දී ඇත