
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනා විදේශීය මත්පැන් බෝතල්,දුම්වැටි හා කහ තොගයක් කිරිබත්ගොඩ සහ වත්තල ප්‍රදේශවල සිදු කළ වැටලීම් බොලදී පුද්ගලයන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද රජයේ අවවාදය සටහන් කර නොමැති දුම්වැටි 40000 ක් ත්‍රීරෝද රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම ජාවාරම් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත
එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී වත්තල හුණුපිටිය ප්‍රදේශයේ කුලියට ගත් නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ කහ කිලෝග්‍රෑම් 4700 ක් සහ විදේශීය මත්පැන් බෝතල්720 ක් භාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොත්මලේ සහ පුස්සැල්ලාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු32 හා 44 පසුවන්නන් ය
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලීසියට බාර දී ඇත.

2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හොරෙන් ගෙන මත්වතුර - දුම්වැටි පොලිස් බාරයට