(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(12) රාත්‍රී චීනය බලා පිටත්ව යාමට නියමිතය.
අග්‍රාමාත්‍යවරිය හෙට (12) සිට 15 දා තෙක් චීනයේ සංචාරයේ නිරත වනු ඇත.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන "එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්" යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වේ.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හරිනි අද චීනෙට
Nelu Sunday, 12 October 2025 09:20 AM
අගමැතිනිය ලෙස යන ගමන්වලදී නිසි ලෙස රටේ ගෞරවය රැකෙන විදිහේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන යන්න කියලා කවුරු හරි මෙතුමියට කියලා දෙනවද. එක පාරක් ජීන්ස් ඇඳන් බඩවටේ ඔතාගෙන තායිලන්තේ රාජ්‍ය වැඩකට ගියා. අපේ අය බොහොම සරල කියලා කිව්වට ඒ රටවල් කෙනෙක්ගේ ඇඳුම් පැළඳුම් දිහාත් බලනවා. චීනය විශේෂයෙන්ම එහෙමයි. ඕස්ට්‍රේලියාවේ පවා අගමැති සහ අනෙකුත් රාජ්‍ය කටයුතුවලට යන අය ඒ අවස්ථාවලදී නිසි අයුරින් රටේ ගෞරවය රකින්න අඳින්නේ. ඕස්ට්‍රේලියාවේ බොහෝ විශ්ව විද්‍යාලවල පශ්චාත් උපාධිවල කොටසක් ලෙස සංස්කෘතීන් සහ ඒවාට ගැලපෙන අයුරින් රැකියා කිරීම උගන්වනවා. අපේ අගමැතිනිය ඕස්ට්‍රේලියාව තුළ පශ්චාත් උපාධියක් කරපු කෙනෙක් හැටියට ඔය ටික නොදැන ඉන්න බෑ නමුත් නොදන්නා විදිහට තමයි ඒ තායිලන්ත ගමන ගියේ. බොරු සෝබන එපා නමුත් වැදගත් කාන්තාවක් ලෙස අපේ රටේ ගරුත්වය තහවුරු කිරීමට කැපවෙන්න.