
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලට යාමට පැමිණි අවස්ථාවේ පොලිසිය එය වැළැක්විය.
මේ මොහොතේ අධිකරණය ඇතුළේ විශාල පිරිසක් සිටින හෙයින් ඇතුලට යාමට ඉඩදිය නොහැකි බව පොලිසිය ප්‍රේමචන්ද්‍ර මහත්මියට දැනුම් දුන්නේය.අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාද අධිකරණය ඇතුලට යාමට පැමිණි නමුත් පොලිසිය ඔහුගේ ගමන ද වැළැක්වීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී නාමා රාජපක්ෂ මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු රැසක් අධිකරණ සංකීර්ණය ඇතුළට ගොස් සිටිති.
(ඡායාරූප ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්මෝ මෙයාලාගේ එකමුතුව.... සෑහෙන්න දේශපාලනීක බංකොලොත් වෙලා පව් අසරණයෝ
අයියෝ.. රනී......ල්...
හිරුනිකා නම් නොගියාට කමක් නෑ. රනිල්ගේ ගෙදර ලඟ හූ කියපු කෙනෙක් ඔතැනට එන්නේ රනිල්ට ආදරේටද නැත්නම් ආපහු පාරක් මූණ පෙන්නලා ඡන්ද ටිකක් කඩාගෙන පාර්ලිමේන්තු යන්නද?
නොයන්නම තමයි මේකප්දාලා පරක්කු වෙලා ඇවිත් තියෙන්නේ...!
කන කපාගන්න වෙයිද නැත්ද කියලා බලාගන්න වෙන්න ඇති එන්න ඇත්තේ..., එයාට පොඩ්ඩක් ඒක ඉක්මණට බලාගන්න දෙන්න...
ඔය ඉන්නේ තමන්ට රටේ අනිකුත් මිනිසුන්ට වඩා විශේෂ වරප්‍රසාද තියෙනවා කියලා හිතාගෙන ඉන්න තවත් කෙනෙක්....
පළාත්පාලන ඡන්දෙත් පරාදයි... දැන් යන එන මන් නැහැ... ඡන්ද ටිකක් ගන්න තමයි මේ මායම, මිනිස්සු මෙයා තඹේකට ගනන් ගන්නේ නැහැ.
තවත් ගලි කටක්, තමන්ගේ පවුල් ජීවිතේ රැක ගන්න බැරිව ලෝකෙට බණ දේශනා කරනවා.
රනිල් රනිල් කියලා බෙරිහන් දුන්නානම් සමහරවිට යන්න දෙනවා