(ප්‍රසාද් රුක්මල්)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය කෝවිඩ් 19 වසංගතය රට තුළ පැතිර යාමේ අවදානම නිසාවෙන් වසා දමා මාස තුනකට පසුව යළි විවෘත කිරිමත් සමඟ මේ දිනවල වනෝද්‍යානය නැරඹීම සදහා දේශීය සංචාරකයන් විශාල වශයෙන් පැමිණීමට පටන්ගෙන ඇතැයි උද්‍යාන භාර නිලධරයෝ පවසති .
මෙම වන උද්‍යානය යලි විවෘත කිරිමෙන් පසුව විදේශීය සංචාරකයන්ගේ පැමිණීම බෙහෙවින් අඩුවී ඇති අතර,දේශීය සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් තිබෙන බව ඔවුහු කීහ.
පසුගිය මාස තුනක පමණ කාලයක් පුරා හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය වසා දමා මිනිස් ජනාවාසයෙන් තොරව තිබිමෙන් එහි තෘණ භූමි මනාලෙස සරුසාරව වැවී හරිත පැහැගැන්වී දියඇලි ජලය පිරි පවතී.
මෙම උද්‍යානයට ආවේනික ඉතා දුර්ලභ ගනයේ ශාක විශේෂයක් වන මහරත්මල් (අශෝක මල්) ගස්කොළන් වල රතු පැහැති මල් පිපිමේ දිනවල පරිසරය ඉතා අලංකාර වී තිබෙන අතර, උද්‍යානයේ ස්වභාවික දුර්ලභ ගනයේ ශාක විශේෂයන් මනා ලෙස වැඩී පරිසරය අලංකාර වී ඇත.
ගෝනුන් ,දිවියන් වැනි දුර්ලභ වනසතුන් මේ දිනවල දැක ගැනීමට හැකි බවද මෙම උද්‍යානයේ නිලධාරීන් කීහ .
විශේෂයෙන් මේ දිනවල හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානය පස්වරු 2.30 වන විට වසා දමා ඇතුළු වී සිටින සංචාරකයන්ට සවස 4.00 වන විට උද්‍යානය තුලින් පිටතට යන ලෙසට උපදෙස් දී ඇති බවත් ,පොලිතීන් ,ප්ලාස්ටික් වැනි ද්‍රව්‍ය මෙන්ම ආහාර වර්ග උද්‍යානය තුළට ගෙන යාම තහනම් කර ඇතැයි වනජීවී නිළධාරීන් සදහන් කළේය .
කෝවිඩ් 19 වයිරසය පැතිර යාම වැළැක්වීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ට උපදෙස් ලබා දී ඇති බවත්, දිනකට සංචාරක කණ්ඩායම් 50ක පමණ පිරිසකට වනෝද්‍යානය නැරඹීම සදහා අවස්ථාව සලසා ඇති බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුන්දර දසුන් මොනතරම් අලංකාරද? මිනිසා නැමැති භයානක ආත්මාර්ථකාමී සත්වයා මිහිපිට නොසිටියේ නම් ලොව සෑම තැනම මෙසේ නොවේද? සතා සිව්පාවාටත් අයිති මහපොළවට ඔප්පු තිරප්පු හදා ඒවා අයිතිකරගෙන සිටිනවාට අමතරව මේ අසරණ සතුන් සිටිනුයේ තමාගේ ආහාරවේල රසවත් කිරීමටයි.. යන ආත්මාර්ථකාමී පව්කාර අදහසේ එල්බගෙන සිටින මිනිසා තිරිසන් සතාටත් වඩා පහළ මට්ටමට ඇද වැටී ඇත.
සුන්දර දසුන් ගොඩාක්... මේ ප්‍රදේශයටම අවේණික වුණු " මා රත්මල් " පිපිලා..!!!...කොරෝනා කියන මිනීමරුවා කළ හොඳ වැඩක් ගැනත් කියන්න එපැයි.. ඒ තමා "නොමිනිසා" කියන මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාව මාස 3ක් පමණ ලොක් ඩවුන් කිරීම... ඒ නිසාම... නොමිනිසාට බයේ සැඟවී සිටි වන සතුන් එළි පෙහෙලියට ඇවිත්... වායුගෝලයේ විෂ වායු අඩුවීමෙන් ගස් වැල් ප්‍රබෝධයෙන්.. මිතුරෙක් කීවා මේ දිනවල හෝර්ටන් ප්ලේස් වල වනජීවී කාර්යාලය අසලත්... හෝර්ටන් තැන්නේ සත්වයා ලෙස හඳුන්වන ගෝන්නුන් ගැවසෙනවාලු. වනෝද්‍යානයේ ඇතුලේ පාරවල්වල කොටි වැතිරිලා ගිමන් හරිනවාලු. කොටි චුට්ටන් අම්මලත් එක්ක සෙල්ලම් කරනවාලු.. වනජීවී වාහන ඒ ගොල්ලෝ දැන් ගණන් ගන්නේ නැහැයිලු.. කාලය ඇත්තටම නුඹ පුදුම මිතුරෙක්..!! වෙලාවකට නපුරුයි. එ්ත් වෙලාවකට සොඳුරුයි. මට වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම ගහලා දාලා ඇවිත් මේ වගේ වනයක් ඇතුලේ ජිවිතයේ ඉතිරි කාලය ගෙවන්න ඇතිනම් කියලා.. ගැහැනියක්.. දරුවෙක්.. නැති මට ..මේ සතුන් ඔක්කොම මගේම දරුවන් වේවි..!!! මගේ අවසාන මොහොතේත්..
සහතික ඇත්ත සමිත. මගේ මිත්‍රයෙක්ගේ මිත්‍රයෙක් ඉන්නවා, මිනිහා අමුතුම "සතෙක්" කිව්වොත් නිවැරදියි. වරක් අපි උඩවලවේ යද්දී එයත් අපිත් එක්ක ආවා. විශාල කබරයෙක් ප්‍රමාණයේ සතෙක් පාර හරහා ගිහින් වැට අයිනේ නතරවුණා. අපි හිමින් සැරේ ගිහින් බැලුවා. මම හිතුවෙම කබරයෙක් කියලා.. නමුත් අන්තිමට තේරුම් ගත්තා මේ විශාල තලගොයෙක් කියලා. මම සත්තුන්ගේ මස් ආහාරයට නොගන්නා බව මේ මිතුරා දන්නේ නැහැ. මම ඒ සතාදිහා තවත් බලාගෙන හිටියේ හරි සතුටින්... මෙන්න මේ මනුස්සයා කියනවා "මිරිස් ටිකක් වැඩිවෙන්න දාලා උයලා ගත්තා නම් නියමයි..." කියලා. මට දහදිය දැම්මා. මට පසුව දැනගන්න ලැබුණා... ඔය කිව්ව පුද්ගලයා ඕනෑම සතෙක්ව ආහාරයට ගන්නවාලු. ඕනෑම සතෙක්ව උයන ක්‍රමයත් සතාව දැක්ක ගමන් කියනවාලු... ඔය වගේ තව කීදෙනෙක් මේ ධර්මද්වීපයේ ඇතිද..? ඔවුන්ගෙන් බේරිලා මේ සතුන් ජීවත්වෙන එකත් පුදුමයක්...
සහතික ඇත්ත විජිත්, ඒවාගේ මිනිසුන් සිටිනවා. මගේ මිතුරෙකු සිටියා. එයා ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවෙක්... එයාට දෙනියාය පැත්තේ තේ වත්තක් තියෙනවා. එයාට සතුන් මරණ අයව පේන්න බැහැ. ඒ තරම් සතුන්ට ආදරෙයි. එයා කරන්නේ, දඩයක්කාරයන් වල් ඌරන්ට වෙඩි තියනාවිට, සබ්බ පාපස්ස අකරනං.. ගාථාව හෙමිහිට කියනවා. ඔහු සිල්වතෙකු නිසා දඩයක්කරුගේ වෙඩිල්ල බොහෝදිනවල වැරදුණා. ඒ නිසා දඩයක්කරු වැඩේ අතහැර දැම්මේ ලැජ්ජාව නිසාලු. ඒ ගාථාව වෙඩි තියනාවිට සත්ව කරුණාව ඇති කෙනෙකු හෙමිහිට කීවොත්, වෙඩිල්ල වදින්නේ නැතිලූ. වැදුණත් සතාව හොයාගන්න බැරිවෙනවාලු. ඒක තමයි දඩයම්කරුවන් දඩයමේ යනවිට සිල්වත් හාමුදුරුවරුන්ව, හොඳ මිනිසුන්ව පෙරට තබා ගමන යන්නේ නැතිලු. එසේ වූවොත් දඩයම් වරදිනවාලු.