IMG-LOGO

හොර හරක් වෑන් රිය අධිබලැති විදුලි කණුවේ ගැටේ

(සුමිත් පොතුපිටිය සහ දයා හේමන්ත සිල්වා)

නීති විරෝධීව ගවයින් සොරකම් කිරීමට පැමිණ බවට සැකකර සුඛෝපභෝගී වෑන් රථයක් අද අලුයම වස්කඩුව ගාලුපාරේ දී අධිබලැති විදුලි රැහැන් සහිත ට්‍රාන්ස් පෝමරයක ගැටී දෙදෙනකු රෝහල් ගතකර ඇති බවත් එහි පැමිණි අනෙක් පුද්ගලයන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

තුවාල ලැබූ දෙදෙනකු පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත්, පලා ගිය පුද්ගලයන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි.

වෑන් රථයේ ඉදිරිපස අංක තහඩුව දක්නට නොතිබූ අතර , එය රථය තුල තිබී පොලිසිය සොයාගෙන ඇත.

වෑන් රථයේ පසුපස අසුන් සියල්ල ගලවා ඉවත්කර තිබූ අතර, ගවයින් ගැට ගැසීමට රැගෙන ආ බවට සැකසිතිය හැකි කඹ කිහිපයක් ද රථය තුල දැකගත හැකිවිය.

රථය තුළ ගවයින් සිටී බවට දුගදක් හමන බවද, අනතුර සිදුවන අවස්ථාවේ ගවයින් සිටීන්නට ඇති බව ප්‍රදේශවාසීන් පැවසීය .

අනතුරත් සමගින් ප්‍රදේශයේ විදුලිය මුළුමනින්ම විසන්ධි වී ඇති අතර , ගාලු මහා මාර්ගය අධිබලැති විදුලි රැහැන්වලින් අවහිරවීම හේතුවෙන් ගාලුපාරේ වාහන ගමනාගමනයට බාධා වී තිබුණි .



අදහස් (1)

හොර හරක් වෑන් රිය අධිබලැති විදුලි කණුවේ ගැටේ

GOMI Monday, 29 August 2022 01:40 PM

හොර හරක්ද? මිනී මරන්න ආපු අයද දන්නේ නැහැ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 327 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 498 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site