
(අංජුල මහික වීරරත්න)
සිවුරු පොරවා ගත් ශ්‍රමණ වෙිශධාරීන්ගෙන් සාසනය පිරී පවතින බැවින් ශාසනය රැකගැනීම සඳහා මහනාහිමිවරුන් වහා ඉදිරිපත් විය යුතුව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ.
දාමරිකකම් කරන ශ්‍රමණ වෙිෂධාරීන් නිසා ගෞරවනීය ලෙස සිවුරු පොරවාගෙන ඉන්නටත් නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව කී සෝභිත නාහිමියෝ මේ නිසා ශාසනයට කුල දරුවන් ඇතුලත් කිරීම ද මවුපියන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බවද සඳහන් කළහ.
ආණ්ඩුව සමඟ සබඳතා නැත්තේ මහනාහිමිවරුන්ට බැවින් උන් වහන්සේලාට පහසුවෙන්ම මේ ප්‍රශ්න විසඳීමට හැකි බවද සෝභිත නාහිමියෝ කීහ. මහනාහිමිවරුන් නායක කම් ලබාගන්නට දරන උත්සාහය සාසනය රකින්නට දක්වන්නේ නැත්තේ ඇයිද යන ප්‍රශ්නය අහන්නට සිදුවී තිබෙන බවද කොළඹ 7 ශාන්ති පදනමෙි පැවති මාධ්‍ය හමුවකදී සෝභිත නාහිමියෝ පැවසූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වුණොත් මේ කතාකරන අයත් අයින් කරන්න වෙනවනේ...!
දැන් මෙයාලා ඔය කියන විදිහේ අය නෙවෙයිද?
ඔය කියන අය වටේ ඉන්න සේරම එකයි...!
ඔය ඉන්නෙත් NGO වලින් යැපෙන එහෙම සෙට් එකක්ම තමයි. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...
අවස්ථාවාදී, බලලෝභී අය තවත් ඉන්නවාද?
මේක කාලයක ඉඳන් තියෙන ප්‍රශ්නයක්... ඒත් මහානායක හිමිවරු නොදැක්කා සේ ඉන්නවා. තමන්ගේ තනතුරේ වගකීම් දන්නෙවත් නැහැ.
මහානායකවරුන් හිටියට, රටට, ජාතියට කරන වැඩක් නම් අපිට නොපෙනේ. කොටින්ම සසුන විනාශ කරන්නන් රිසිසේ අකැප වැඩ කරමින්, වැදිබණ දෙසමින්, අලුත් මත දහමට එකතු කරමින්, අනුන්ගේ පන්සල් කොල්ලකමින් ඉන්න මෙවන් යුගයක බුදුදහමට අබ සරණයි. තමුන් දැන් ඉන්න මහ මාලිගාවලින් බැස මේවාට පිළියම් නොයෙදෙව්වොත් අනාගතය ඉතා අඳුරුයි. දේශපාලකයින්ගේ මුහුණු හොඳ කරන්න ගිහින් සසුන නැතිවෙනකල් බලාගෙන ඉන්න එපා.
එහෙම කරනවා නම් ඔය සම්මන්ත්‍රණයේ ඉන්න අයත් අයින් කරන්න වෙනවා මුලින්ම. ඔතන ඉන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රි සිහිනය බොඳවූ අයයි.
දේශපාළුවන්ට කඩේ යායුතුද? මහනුවර අධිවේගය හදලා දෙන්නලු. මේ කියන්නේ දේශපාලනයේ ඉන්න දැවැන්ත හොරාටයි. නිර්වාණයට යන මාර්ගය තියෙන්නේ අධිවේග මාර්ගයේලු. මේ පාරවල් හදන්න මෙච්චර උනන්දු අයට පරම්පරා ගානකට හම්බ කරන්න. කොල්ල කන්න. මිනිස්සු අන්ත කරදර ගොඩක ඉන්නේ... මේකටද ඡන්දෙ දිනලා පාරක් පාරක් ගානේ කිරිබත් තම්බලා කෑවේ? මේවා හෙණහත වදින දේවල්...!
මෙම ලිපියේ කියවෙනවා ආණ්ඩුව සමග සබදතා නැත්තේ කියලා එය ඇත්තේ කියලා වෙනස්වුනොත් හොදයි.
සහතික ඇත්ත... මේක මහා අපරාදයක් රටට. බලමු ඊලග ඡන්දෙන් මේ හොරු පරපුර අතුගාල දාන්න.
ලවුඩ්ස්පීකර් කරදරයෙන් ආගමික ස්ථාන අවට පදිංචිකරුවන් බොහෝ පීඩා විඳිනවා
ඉතාම කාලෝචිත කතාවක් ඔබ වහන්සේලා කියන්නේ...
වර්තමාන ශාසන පරිහාණියට ප්‍රධානතම හේතුව වන්නේ , ආර්ථික අපහසුකම් නිසා දිළිඳු පවුල්වල දරුවන් ශාශනයේ චිරස්ථිය වෙනුවෙන් කියමින් පැවිදි කිරීමයි. ඉන් සිදුවන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්.
මේ වහන්සේ මිනීමරුවෙක් බේරාගන්න නඩුදාන්න එපා කියලා මැරුණු මනුස්සයගේ බිරිඳට සල්ලි දෙන්න හැදුවා. මිනීමරුවා ඇප දීලා එනකොට පන්සලට ගෙන්නලා පිරිත් නූල් බැන්දා. පක්ෂ දේශපාලනේ යෙදිලා පාර්ලිමේන්තු ගියා. යහපාලනේට කඩේ ගියා. අදටත් චම්පිකත් වෙනුවෙන් දේශපාලනේ කරනවා. එන්.ජී.ඕ. අටෝගෙන දේශපාලන පක්ෂ අටෝගෙන, එක එකාට කඩේ ගිහිල්ලා, මොනවා හරි කියලා තමන් ඉන්නා බව පෙන්නන්න කාලෙන් කාලෙට මාධ්‍ය සංදර්ශන තිබෙනවා. මේත් ඒ වගේ එකක්...!
සබ්බ පාපස්ස අකරණං... කුසලස්ස උපසම්පදා... සචිත්ත පරියෝ දපනං... ඒතං බුද්ධානු ශාසනං... ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොවඩන හැමෝම මේ කියන බුද්ධ ශාසනයෙන් බැහැර අය... කසාවත හැඳගත් පමණින් සංඝ වෙන්නේ නැහැ...!