
(රෝෂන් තුෂාර)
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියමිත ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අධිවේගී මාර්ගයට මගේ ප්‍රවාහන බලපත්‍ර දෙකක් ලබා දී රජයට රුපියල් 41 60 000.00 පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය.
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව සැකකරුට මෙසේ ඇප නියම කෙරිණි. සැකකරුට රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කළේය.
2020 වසරේදී කඩුවෙල කොල්ලුපිටිය මගේ ප්‍රවාහන බලපත්‍රයකට හා මහරගම මොරටුව මගී ප්‍රවාහන බලපත්‍රයකට මෙසේ අධිවේගී බලපත්‍ර දෙකක් ලබා දී රජයට පාඩු කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd