IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


හොර රහසේ විදුලිය ලබාගත් විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි.

සැකකාර එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීවරයා මහරගම ප්‍රාදේශීය ප්‍රබල දේශපාලනාඥයකුගේ පියකු බවද පැවැසෙයි. එම දේශපාලනාඥයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

බොහෝ අවස්ථාවල පස්වරුවේ සිට පසුදින පහන්වන තුරු නිවස ඉදිරිපිට විදුලි කණුවලට සවිකර තිබෙන අධි බලති විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවට දින කීපයක සිට ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මාර්ගයේ තිබෙන විදුලි කණුවලින් අධිබලැති විදුලි බල්බවලට හොර රහසේ විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පැවැසීය.

සැකකාර විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා නිත්‍යානුකූල විදුලි සැපයුමක් නිවසට සපයා තිබියදී අමතර වයරයක් යොදා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කණුවලින් විදුලිය ලබා ගෙන අමතර ලාම්පු දැල්වීම සම්බන්ධයෙන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (10)

හොර රහසේ විදුලිය ලබාගත් විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා මාට්ටු

ravin Wednesday, 24 November 2021 08:10 AM

පිටිපස්සේ දේශපාලුවෙක්... නිදොස් කොට නිදහස් තමයි උත්තරේ...

:       1       16

මසිරිපාල Wednesday, 24 November 2021 08:24 AM

මෙවැනි තෙවැනි පෙළ (පළාත් පාලන ආයතන ) වල දේශපාලුවො පමණක් නොවෙයි දෙවැනි පෙළ පළමු පෙළ දේශපාලුවො හිතා ඉන්නෙ උන්ට සුලු කාලෙකට බලයක් ලැබුනම රජයේ සියලු දේවල් උන්ට අයිතියක් තියෙනවා කියලා .මේ හොරකම කලාට අප්පටයි (හිටපු පොලිස් කාරයෙක් රජයේ දේපලක් හොරා කෑවම පොලිසියට නම්බුද) පුතාටයි (නගරාධිපතියෙක් රජයේ දේපළ මෙහෙම අයිතියක් තියෙනවා කියනවානම් නගර සභාව අයත් දේ මොනවා කරයිද )උපරිම දඩුවම් දීමට කටයුතු කල යුතුය

:       0       21

ලයිය Wednesday, 24 November 2021 09:31 AM

පොහොට්ටුවෙ නම් ගොඩ. එහෙමත් නැත්නම් දඩත් සමග හිරේ.

:       2       33

පැරකුම් Wednesday, 24 November 2021 11:45 AM

පොහොට්ටුවේ නම් හිතාමතාම වැරදි පනතකින් නඩුව ගොනු කරනවා... අන්තිමට චූදිත නිදොස් කොට නිදහස්... ඔන්න නඩු තීන්දුව දැන්මම දුන්නා...

:       2       24

Nuwan Wednesday, 24 November 2021 12:42 PM

ඔයා මහරගම ඉන්න නගරාධිපති කෙනෙක්ගේ පියෙක්නේ...!

:       0       22

Shantha - Qatar Wednesday, 24 November 2021 01:08 PM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව...

:       0       10

prasanka Wednesday, 24 November 2021 02:01 PM

දේශපාලකයාගේ නම කියන්න බැරි එකයි ප්‍රශ්නේ...

:       0       9

පිටිගල මිලානෝ Wednesday, 24 November 2021 02:42 PM

නියම පක්ෂ නායකයෙක් නම් පියාට දඬුවම් කිරීමටත් පෙර පුතාව පක්ෂයෙන් එළවිය යුතුයි...

:       0       11

69lakshaya Thursday, 25 November 2021 04:14 AM

මේවා අපේ නායකයින්ට වරප්‍රසාද යටතේ කල හැකි දේවල්.

:       0       0

Rohana Rajapassa. Boralugoda. Thursday, 25 November 2021 09:11 AM

නමක් නැද්ද? හෝමාගම ගලවිල පැත්තේ ඉන්නේ ඔක්කොම හොර කරන අයද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 99 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site