IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හොර යතුරු පැදියක් සමග ආධුනික පී.සී මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සොරාගත් බව කියන ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියකට ව්‍යාජ අංකයක් යොදාගෙන එම යතුරු පැදිය පරිහරණය කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ග්‍රෑන්පාස් පොලිසියරාජකාරි කරමින් සිටි අයෙකි.

සැකකාර කොස්තාපල්වරයා පරිහරණය කළේ යැයි කියන මෙම යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම යතුරුපැදිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දොම්පේ ප්‍රදේශයේදී සොරා ගත් එකක් බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය

මෙම යතුරුපැදිය හොරා ගැනීම සම්බන්ධයෙන් එහි අයිතිකරු දොම්පේ පොලීසියට එම වකවානුවේම පැමිණිල්ලක්ද කර තිබිණි යැයි පොලීසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික කොස්තාපල්වරයා සහ පොලිස් භාරයට ගත් ඔහු පරිහරණය කළ යතුරු පැදියද වැඩිදුර පරීක්ෂණ සඳහා දොම්පේ පොලීසියට භාරදුන් බව ග්‍රෑන්පාස් පොලිසිය සඳහන් කරයි

 



අදහස් (1)

හොර යතුරු පැදියක් සමග ආධුනික පී.සී මාට්ටු

sharm warn Monday, 13 February 2023 09:39 AM

දැන් දැන් පොලිසියෙ මහත්තුරුන්ගෙන් වෙන අපරාධ වැඩි වෙන ස්වභාවයක් පෙන්නුම් කරන්නෙ.. එයාලට දැන් ජීවන බර දැ‌නෙන්න පටන් අරන් කියන එකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site