(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සොරාගත් බව කියන ඩිස්කවරි වර්ගයේ යතුරු පැදියකට ව්‍යාජ අංකයක් යොදාගෙන එම යතුරු පැදිය පරිහරණය කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ග්‍රෑන්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා ග්‍රෑන්පාස් පොලිසියරාජකාරි කරමින් සිටි අයෙකි.

සැකකාර කොස්තාපල්වරයා පරිහරණය කළේ යැයි කියන මෙම යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම යතුරුපැදිය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී දොම්පේ ප්‍රදේශයේදී සොරා ගත් එකක් බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය

මෙම යතුරුපැදිය හොරා ගැනීම සම්බන්ධයෙන් එහි අයිතිකරු දොම්පේ පොලීසියට එම වකවානුවේම පැමිණිල්ලක්ද කර තිබිණි යැයි පොලීසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික කොස්තාපල්වරයා සහ පොලිස් භාරයට ගත් ඔහු පරිහරණය කළ යතුරු පැදියද වැඩිදුර පරීක්ෂණ සඳහා දොම්පේ පොලීසියට භාරදුන් බව ග්‍රෑන්පාස් පොලිසිය සඳහන් කරයි