
(ක්රිෂාන් ජීවක ජයරුක්)
නීතිවිරෝධී ලෙස බලපත්රයක් නොමැතිව එල ගවයින් 07 දෙනෙකු හා මී ගවයකු ප්රවාහනය කරමින් තිබු ලොරි රථයකට තිහගොඩ නායිම්බල දී වෙඩි තබා එම ගව ලොරිය හා පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගැනීමට අද අලුයම තිහගොඩ පොලීසිය සමත් විය.
තිහගොඩ නගරාසන්නයේ දී සැක කටයුතු ලෙස පැමිණි එම ලොරිය නතර කරන ලෙස පොලීසිය දැනුම් දී තිබෙන අතර එම අවස්ථාවේ දී එය පොලිස් අණ නොතකා මාතර දෙසට ධාවනය කර තිබේ.
පසුව තිහගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක උපේන්ද්ර රාජකරුණා මහතා ඇතුළු කණ්ඩායමක් කිලෝ මීටරයකට වැඩි දුරක් එම ලොරිය පසු පස ලුහූබැද යන අවස්ථාවේ දී ඔවුන් නායිම්බල බුරුලෑව කෑලෑ පාරකට දමා පලා යාමට උත්සාහ කර ඇත.
එහිදී පොලීසිය සැකකරුවන් බිය ගැන්වීම සදහා වෙඩි ප්රහාර 05 ක් එල්ල කර තිබෙන අතර එහිදී ඔවූන් ලොරිය අතරමග දමා කැලෑව තුලට ගොස් සැගවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd