(නිමන්ති රණසිංහ)
ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සදහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තරැව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක තල්දියවල, අතුරුගිරිය පදිංචි ගම්ලත් රත්නායකගේ සචිනි සිතාරා ජයසිංහ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක කිතුල්පිටිය, බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත ගුණසිංහ, ලොතරැයි අලෙවිකරුවකු වන හෙට්ටිපොළ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රාමනායක සහ දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු වන මීගමුව පාර කදාන පදිංචි කසුන් කලිදු චන්ද්‍රසේන යන අයවලුන්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මලලසේකර මාවත, කොළඹ 07 ලිපිනැති කරුණානායක මුදියන්සේලාගේ නුවන් ජානක සෙනෙවිරත්න යන අය විසිනි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදන්න ඕන වලිගෙ ඉඳන් නෙවෙයි. ඔලුවේ ඉඳන්. මේවා ඉතා පහත් වැඩ... තමන් අල්ලස් දීම ප්‍රතික්ෂේප කරලා අනික් මිනිස්සු වගේ හිටියා නම් ඉවරයි... අර මිනිස්සුන්ගේ මුළු ජීවිතේම ඉවරයි. රටේ වංචා අල්ලස් කොමිස්වල ඔලුව තියෙන්නේ දේශපාලුවන් හා උසස් නිලධාරීන්. හාල්මැස්සන් මරලා කිසිම කෙනෙකුට වැඩක් නෑ. මෝඩ ආතල්...
මහ අය කෝටි ගණන් පගාව ගන්න කොට අනික් අය කියලා නිකම් ඉඳීවිද? තෝරු, මෝරු කොහෝමටත් බේරෙනවා. හාල්මැස්සන්, කූනිස්සන් තමයි අහුවෙන්නේ?
අල්ලස් දුන්නු කෙනාගේ කනෙන් අල්ලලා ඇතුලට දාලා අනිත් ඔක්කෝම නිදහස් කරන්න. අල්ලස් දුන්නු එකා කිසිම වගකීමක් නැතුව රුපියල් විසිදාහකට ජීවිත ගණනාවක් සහ පවුල් ගණනාවක් අනාථ කළා. මේක ජඩ සෙල්ලමක් කියලා තේරුණොත් හොඳයි…!
රට ගොඩගන්නවා කියලා ඇවිත් බකන් නිලාගෙන ඉන්න අය අත්අඩංගුවට ගන්නේ නැතිද?
ලංකා සමාජය කඩා වැටුණේ දේශපාලනය නිසාද නැත්තන් සමාජය නිසා දේශපාලනය කඩා වැටුණේද?
අගමන විගමන දෙපදෙමෙන්තුවට අවශ්ය සියලුම ගොඩනගිලි , පරිගනක අතුලු උපකරන තිබෙනව , අවශ්ය පමනට වඩිය සේක පිරිස් සිටිනව , අවශ්ය ලිපි ලෙකන , මුද්‍රරන ගෙනවගන්න ඩොලර් , විස අයඩුම් කරන විදේශිකයන් හරහා ලැබෙනව , පස්පොර්ට් නිකුත් කිරිමට මිස ගනනක් ගතවෙන බොරු පොලිම මෙ නිලදාරින් විසින් පගාව ගැනිම සදහා නිර්මානය කරන ලද්දක් , කරුනාකර ජනපති , අගමති අතුලු බලදාරින්ගෙ අවදනය යොමු කර මෙ ප්‍රශ්නය විසදන්න .
අල්ලස් ගත්බවට පැමිණිල්ල ඉදිරිපත් කෙරූ පුද්ගලයා එම අල්ලස් මුදල දී ඔහුගේ කාර්යය ඉටු වූ පසු එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්නම් ඔහුත් අල්ලස් දී කාර්ය ඉටු කරගැනීම වරදක් නොවේද? අල්ලස් දීම හා අල්ලස් ගැනීම යන ක්‍රියාවන් දෙකම වරදක් නොවේද? දන්න කෙනෙක් සිටියි නම් මෙයට පිළිතුරක් ලබා දෙන්න...
අංක වලින් ලියන්න බැරි ගණනින් හොරා කාපු, කොමිස් ගහපු ප්‍රභූ යැයි කියන හොර, තක්කඩි අල්ලන්න කොන්ද පණ නැති වුණාට දුප්පත්කමට ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න එකාව අල්ලන්න හොඳට කොන්ද කෙලින් වෙනවා. මෙහෙමත් නිලධාරීන්. කන බත් කටක් ගානේ සාප වෙන්න ඕනෑ...