(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය ආදේශක පෙට්රල් නිෂ්පාදනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය සදහන් කරයි.

එම සැකකරුවන් තිදෙනා සමඟ එලෙස නිෂ්පාදනය කළ ආදේශක පෙට්‍රල් ලීටර් 165 ක් අඩංගු ප්ලාස්ටික් කෑන් විස්සක් සමඟ ඒවා නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

කැස්බෑව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

කෙමිකල් වර්ග සහ ස්පීතු වර්ගයක් කලවම්කර මෙම ආදේශක ඉන්ධන නිෂ්පාදනය කරන බවට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් අනාවරණය වූ බව පොලිසිය කියයි.

මෙලෙස නිෂ්පාදනය කරන ලද පෙට්‍රල් ලීටරයක් රුපියල් 1000 ක මිලකට විවිධ පුද්ගලයන් වෙත අලෙවි කර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි

මේ වන විට දිනකට යතුරුපැදි පනහකට පමණ ඉන්ධන සපයන බවට ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත