
(එස් හේරත්)
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචනික ලෙස කූඨ ලේඛණ සකස් කරන ලද නීතිඥවරයකුට සහ ඔහුට සහාය දැක්වූ පුද්ගලයකුට විරුද්ධව හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුවකදී සැකකාර නීතිඥවරයාට සහ ඔහුට සහාය වූ අනෙක් පුද්ගලයා වරදකරු බවට තීන්දු කළ අධිකරණය සැකකරුවන්ට බරපතල වැඩ ඇතිව වසර දහයක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂය බැගින් දඩ මුදල්ද පැමිණිල්ලේ පළමු සාක්ෂිකාරියට රුපියල් ලක්ෂ අට බැගින් වන්දි ගෙවීමට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්රමසිංහ විසින් නියම කළාය.
මෙසේ චෝදනා ලැබුවේ අදාල නඩුවේ පළමු විත්තිකරු වන රම්පටි දේවගේ සමන් කුමාර නමැති පුද්ගලයකු සහ දෙවන විත්තිකරු වන වර්ණකුලසූරිය ඇලෙක්ස් නිශාන්ත ප්රනාන්දු නමැති නීතිඥවරයෙකි.
නඩුවේ දෙවන විත්තිකරු වන නීතිඥවරයා නොතාරිස්වරයෙක්ද වන අතර වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයකු ලෙසද කටයුතු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසීය.
ඔහු තිදරු පියකු වන අතර ඔහුගේ දරුවන් දෙදෙනෙක් නීතිය හදාරමින් සිටින බවද ඔහුගේ නීතිඥවරයා පැවසීය.
2009 මාර්තු මස 03 හෝ ඊට ආසන්න දිනකදී පුද්ගලයකුට අයත් ඉඩමක් තවත් අයකුට සින්නක්කර උප්පුවක් මගින් පවරා දෙන බවට වංචනික ලෙස කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාට චෝදනා පහක් යටතේ නීතිපති විසින් අධි චෝදනා ගොනුකර තිබුණි.
මෙම නඩුවේ විත්තිකරුවන් දෙදෙනාටම විරුද්ධව නගා තිබූ චෝදනා සියල්ලටම ඔවුන් වරදකරුවන් කරමින් මහාධිකරණ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අහිංසක නීතිඥයන්ටම මෙහෙම වෙන්නේ.