(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කරන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු ලැබී තිබියදී එම ප‍්‍රහාර වළක්වා ගැනිමට අවශ්‍ය කටයුතු නොකිරීමෙන් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර බවට හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් අසුන් ගෙන සිටි තැන්වලින් ඉවත් කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව කැඳවනු ලැබීමෙන් අනතුරුව අධිකරණ බාර පොලිස් නිලධාරීවරයා විනිසුරු මඩුල්ලේ නියෝගයක් බව දැනුම් දෙමින් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් ඔවුන්ගේ අසුන්වලින් ඉවත් කිරීමට පියවර ගත්තේය.
නඩු කටයුතු වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට අංක 03 මහාධිකරණයේ පනවා තිබු මේසය ඉවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා නිශ්චිත ස්ථානයක් ලබාදී නොතිබීම හේතූවෙන් සාක්කි කූඩුවට පිටුපස ඇති රජයේ සාක්කිකරුවන් සඳහා පනවා ඇති අසුන්වල සිට මාධ්‍යවේදීහු ඔවුන්ගේ වෘත්තීය කටයුතු වල නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd