
(මනෝප්‍රිය ගුණසේකර)
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු ආරකෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.
නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුටංගේ පවුකාරකමට වන්දි ගෙවලා...
තරාදියේ දෝෂයක්ද මන්දා...!
මේ ඔක්කොම යාලුවො මල්ලී.. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලී..
මේ අහක හිටපු අහිංසකයින් අල්ලන් මඩවනවා. කාදිනලුයි.., සිරිල් ගාමිණියි, ශෙහාන් මාලකයි තමයි ඕක කළේ... ඒ අයට නඩු දැමිය යුතුයි.
ඔහොම ගිහින් අන්තිමේට වෙන්නේ මේ ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ පුද්ගලයින් වැරදිකරුවන් වෙන එකද කියලයි මට සැක...!
ඔව් ඉතින් අගරදගුරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නරකයි කියන්නේ... ත්‍රස්තයින් හොඳයි කියන එකනේ. ත්‍රස්තයෝ හොඳ නම් ඕන මඟුලක් කරගනින් කියලා නිදන් හිටපු මේ නිදිමත ගොබ්බයින් නිදහස් කරපු එකෙත් වරදක් නෑ එක අතකට....!
බෝම්බය වදින එක පල්ලියේ ලොකු තැනුත් දැනගෙන උන්නු එකේ, මෙයා විතරක් හිරේ දාන් ඉන්න එක තේරුමක් නෑ කියලා හිතෙන්න ඇති. අනේ මන්දා...
ඔබ දෙපල මොනවා කරන්නද? මේවා කුමන්ත්‍රණය කරපු එවුන් හොයමු.
සසර වසන තුරු... නිවන් දකින තුරු... නිකන්ම කියවෙනවා.
සහරාන් මැරුණේ නැත්නම් පොරත් නිදොස්කොට නිදහස් වන සීන් එකක් වෙන්නේ...
සහරාන් ජීවත් වෙලා හිටියා නම් එයාවත් නිදොස් කොට නිදහස් වෙනවා...
දැන් ඉතින් කොහාටද යන්න වෙන්නේ සාධාරණය ඉල්ලන්න...?
අන්තිමට කොහොම හරි මහන්සිවෙලා හොයාගත්තු වැරැදිකරු ‘‘වැරැදි කරු සහරාන් නම් මුස්ලිම් ජාතිකයෙක්‘‘ පව් අහිංසකයෝ දෙන්නා හිරේ හිටියා ලොකුකලක්. අපලයක් වෙන්න ඇති.
"ගහනවා කියලා දැනගෙන හිටියා.. ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නැහැ..." ඔබට සතුටුයිද දැන්?
තමුන්ට ප්‍රහාරය පිළිබඳ පෙර දැනුම්දීම ලැබිලත් ගණන් නොගත් බව කියපු හිටපු ලේකම් නිදහස් කරපු මේ පාස්කු ප්‍රහාර නඩුවේ මහ මොළකරු කවුද? පාස්කු ප්‍රහාරයේත් මහ මොළකරු ඒ මොළකරුමද? ඒ මොළකරුත් මේ මොළකරුත් හැර ප්‍රහාරයත් නඩුවත් දෙකම මෙහෙයවපු තවත් මහ මොළකරුවෙකු සිටිත්ද?
මේගොල්ලෝ නොසැලකිලිමත් වුණා මිසක් බෝම්බකාරයින්ව හදපු, වඩපු අය නෙමෙයි කියලා අපි දන්නවා. මෙයාලටත් ඉහළින් කවුරුහරි කියන්න ඇතිනේ අහක බලන් හිටපල්ලා කියලා. මේගොල්ලෝ නිදහස් කළාට කරවපු එවුන්ව අල්ලන්න බල්ලෙක් වත් නෑ.
මා දන්නා තරමින් මේකට හමුදා බුද්ධි අංශය සම්බන්ධයි. නමුත් පරීක්ෂණ නැහැ...
පුදුම වෙන්න කිසිම දෙයක් නෑ... පහුගිය ටිකේ නිදහස් කරපු සෙට් එකේ හැටියට. දැනං හිටියා ඒත් මේ වගේ ගහයි කියලා දැනන් හිටියේ නෑ කියලා ප්‍රසිද්ධියේම කිව්ව කෙනාත් නිදහස් වුණා නම් ඕකේ මහ මොලකරු ඇවිත් මමයි ගේම දුන්නේ කියලා අධිකරණයට කිව්වත් එයත් නිදහස්... ඉන්න හිතෙන අපූරු රටක්. අනේ අර මියගිය අහිංසක දරුවෝ සහ දෙමව්පියන්...
අධිකරණය විසින් මේ දෙදෙනා නිදොස් කොට නිදහස් කරන්නේ ඒ අයගේ මොනම හෝ වරදක් නැති නිසා නොවේද? එසේනම්, ඔවුන් මේ තාක්කල් විඳි දුක්පීඩා හා නින්දා අපහාස වලට කවරෙකු විසින් වගකීම් බාර ගන්නේද? ඔවුන්ගේ නැතිවී ගිය කීර්තිය හා සමාජ මට්ටම නැවත වරක් යාවත්කාලීන කළ හැකිද? මේ නිවැරදි කරුවන් බොරු චෝදනාවලට පටලවා අමාරුවේ දැමූ අයට තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කළ යුතුයි. වන්දි ලබාදිය යුතුයි. මේ රටේ කීර්තිමත් උගතෙකු හා බුද්ධිමතෙකු, සමාජ ජාලා ක්‍රියාකාරිකයෙකුද වන මාගේ මිතුරෙකුද ප්‍රශ්න කිරීමකට ලක්වීමට නියමිතව සිටිනවා. මා ඔහුට කීවේ, ඒ සම්බන්ධව පොලිස්පතිතුමාට ලිඛිතව පැමිණිල්ලක් කොට එහි පිටපත විදේශීය ස්ථානයක් වෙත දන්වන ලෙසයි. ඒත්, එය ප්‍රතික්ෂේප කළ ඔහු කීවේ එසේ කළහොත්, රටට අපකීර්තියක් අත්වෙන බව හා ආධාර ලැබීමට බාධා එල්ල විය හැකි බවත්ය. තම ජීවිතයටත් වඩා රටට ජාතියට, ආගමට ගරුකරන මෙවන් මිනිසුන් හට කරදර එල්ලවීම සැබවින්ම කණගාටුදායකයි...
මෙයා ජාත්‍යන්තර මාධ්‍යයට කිව්වේ ප්‍රහාරයක් වෙනවා කියලා දැනගෙන හිටියට මෙච්චර විනාශයක් වෙයි කියලා හිතුවේ නෑ කියන කාරණයම මදිද මිනීමැරුම් චෝදනා කරන්න..?
චෝදනා සිය ගාණක් දාලා නඩුවක් ගොනු කරනවා කියන්නේ එතැනම අවුලක්නේ... කොහොමද එකින් එක ඔප්පු කරන්න අවුරුදු 30 ක් වත් යයි... නඩු කල් යන විදිහට. බලවත්ම චෝදනා ටික දාලා එය ඔප්පු කිරීමට ප්‍රධාන සාධක ටික තිබුණා නම්...! ලොකු වෙනසක් වෙන්න තිබ්බා. නීතියෙන් නෙමෙයි, නඩුව ගොනු කළ විදිහෙන් නිදහස් වුණා විය හැකියිනේ..
ගරු අධිකරණයේ තීරණයට හිස නැමීම අප සැමගේ යුතුකම 1. මෙම නඩුව ගොනු කිරිමේදී අදූරදර්ශීව නීතීපතිවරයා කටයුතු කර තිබීම තුළින් පෙනී යන්නේ රටේ නීති පද්ධතියට හිස්, තුච්ඡ පුද්ගලයින් තේරි පත්වීමයි 2. රටේ ජනතාවගේ ආරක්ෂාවට වගකිව යුත්තේ රටේ පාලකයායි 3. නිලධාරිවාදය නිසාවෙන් මෙරට දැඩි ව්‍යාසනයකට ලක්වී ඇත 4. රටේ සෑම අංශයකම දේශපාලුවන් රිංගා ඇඟිලි ගැසීම නිසා මේ වනවිට රට අරාජික වී ඇත "අවසානයේ සිදුවූ විපතින් වූයේ අහිංසක, අසරණ ජනතාවට හව් හරණක් නොමැතිව ජීවත් වීම පමණි"
මහ මොළකාරයා හමුදාව විසින් ආරක්ෂා කරන කම් ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ...
මෙයාලා අධිකරණයෙන් නිදහස් වුණාට ස්වභාව ධර්මයෙන් නිදහස් වෙන්නෑ. මේකට සම්බන්ධ හැම කෙනෙකුටම දඬුවම් ලැබෙනවාමයි. අහිංසක මිනිස්සු බල තණ්හාවට ඝාතනය කළහැම කෙනෙක්ම නුදුරේදීම නැතිවෙනවා ඒකාන්තයි..
බලමු දැන් කාදිනල් උන්නැහේගේ කතාව...!
කෙනෙක් නිදහස් වූ සැටියේම, අනන්තවත් තව නම් එළියට දානවා සැකයි කියමින්.. මේ වනවිට ඇත්තටම වැරදිකරුවන්ටත් දැන් තමාද වැරදියි කියලා අමතක වෙලා.. ඒ අයම එක ක අයව වරදකරුවන් සේ දකිනවා ඇති.
ඔවුන් දෙදෙනාගේ නිර්දෝෂී භාවයට විශිෂ්ඨ විනිශ්චයක්..