
( එච්. චන්දන )
කොක්මාදුව වැලිගම ප්‍රදේශයේ විහාස්ථානයක හිමිනමක් වෙනුවෙන් ව්‍යාජ ජාතික හැදුනම්පතක් භාවිතා කර 2021 අ.පො.ස/උසස් පෙළ විභාගයට පෙනී සිටි බව කියන තවත් හිමිනමක් පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ දී සැක පිට අද (15) අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසය කියයි.
පුත්තලම ශාන්ත මරියා දෙමළ විද්‍යාලයේ විභාග ශාලාවේ හතර වන දිනට අ.පො.ස/උසස් පෙළ සිංහල විෂයේ දෙවන කොටස ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී මෙම හිමිනම පිළිබදව සැකසිතී විභාග ශාලාදීපති භාරයට ගෙන ඇත.
ඉන් අනතුරුව සිදු කල මූලික විමර්ෂණ වලින් පසුව මෙම සැකකාර හිමි නම පොලීසියට භාරදී තිබේ.
මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මහහීල්ල ඉසුරුපුර බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකි.
සිද්ධිය පිළිබදව අත් අඩංගුවට ගත් හිමිනම පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබදව පුත්තලම පොලීසය පරීක්ෂණ පවත්වනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දිය යුතුයි. සසුන්ගත අය කරන වැරදි නිසා අපි සමස්ථයම දෝෂාරෝපණයට ලක් වෙනවා.
පුත්තලමෙ නේද අර හාමුදුරුකෙනෙක්ට පිහියෙන් ඇනල අපරාධකාරයො අත්අඩංගුවට ගන්න එක ඇමතියෙක් ඉඩ දුන්නෙ නෑ කිව්වේ . මේකත් ඒ ඇමතියගෙම හෙන්චයියන්ගේ වැඩක් වෙන්න පුලුවන්. හාමුදුරුවො සේරම ඉවත් කරගෙන, පන්සල කඩලා ඉස්සො කොටුවක් දාගනීවි.
සාදු සාදු…! තෙරුවන් සරණයි. බුදු සසුන බැබලේවා…!!