(තිලකරත්න දිසානායක)
යක්කල ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ නිවසක ගංජා තබාගෙන සිටි බව කියන යුද හමුදා සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය පවසයි.
පොලීසියට ලැබුණු තොරතුරක් මත නිවස පරීක්ෂා කිරීමේදී කේරල ගංජා කිලෝ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.
වෙනත් අයකුට ලබාදීම පිණිස ගංජා තොගය නිවසෙහි තබාගෙන සිටි බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. උතුරු ප්‍රදේශයේ කඳවුරක සේවය කරන මෙම හමුදා සාමාජිකයා තාවකාලිකව කොළඹ ප්‍රදේශයෙහි කඳවුරක දැනට සේවය කරන බව අනාවරණයවී යැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd