(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුඹුරු සීනි සහ උක් සීනි ආශ්රිත නිෂ්පාදන රටේ ප්‍රචලිත කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් මේ හේතුවෙන් අද ඇතැම් මාධ්‍ය තමා දුඹුරු සීනි පියා ලෙස හඳුන්වා ඇති බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සුදු සීනි පියා කියනවාට වඩා දුඹුරු සීනි පියා කියනවාට තමා කැමති යැයිද අමාත්‍යවරයා කීය.
දුඹුරු සීනි ප්‍රචලිත කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙම කිව්වා නම් කුමන හෝ මාද්යකින් ඒ මාද්යවේදියා මානසික වෛද්‍යවරයකු වෙත පෙන්විය යුතුයි.
සම්පුර්ණ නම - ඉස්සා බිග්කුච්චන් මුදියන්සේලාගේ ෂුගර් ඩෑඩි නොහොත් බෝම්බ සුනිල් හදුන් මඩ ගහන්න නෙමේ, සොමියට නම දැම්මේ අපිත් අම්බලන්ගොඩ ධර්මශෝකේ ඔයාට පහළ පන්තියේ හිටියේ, අපිටත් ශක්තියක්, ආඩම්බරයක් ඔයා...
මේක උගුලක්... අහුවෙන්න එපා. අපි ඔයාට දිගටම කියන්නේ ඉස්ස බිග් කුච්චන් කියලා... අපිව නොමග යවන්න හදන්න එපා...
සුනිල් සහෝදරයා ඡන්දෙන් පස්සේ ඔය ගොල්ලගේ කැබ් වැඩිපුර අපේ ගම්පලාතේ එන්නේ නැති නිසා අපි අර හැමදාම ඔයගොල්ලන්ට පිනට දෙන කෙසෙල් කැන්, කරවල කුරියෝ, සහල් පොල් ටිකත් ඔය ගොල්ලගේ නම් ගහලා ඔය කඩේටම භාර දෙන්නම්..., ඕකෙ සීනි කිරන්න එහෙම කවුරුවත් අවශ්‍ය නැද්ද?
බොහෝ දෙනෙක් "පාන් පියා" කියලා නම් කියනවා.
තේ කඩයක් වත් කරලා නැහැ කියන අයට පෙනෙන්න සීනි කඩයක් දැම්මා, වටේම ඉන්න මලිමාවට ඡන්දය දීපු මිනිස්සු එන්න අපේ කඩෙන් සිනි ගන්න... සුදු සිනි වලට වැඩිය දුඹුරු සිනි වල විටමින් තිබෙනවා. සුදු සීනි වල නැති විටමින් දුඹුරු සීනි වල ඇත. දුඹුරු සීනි භාවිතා කරහම දිය වැඩියාව හැදෙන්නේ නැහැ. සීනි කඩේ අනිවාර්යයෙන් ලාභ ලබනවා මොකද අපි විකුනන්නේ අපේම සීනි නිසා... අපිට සිනි ලැබෙන්නේ අපේ රජයේ ෆැක්ටරියෙන් නිසා..., ඊට පස්සේ අපි උඩරට තේ ෆැක්ටරියක් රජයට පවරාගෙන තේ නිෂ්පාදනයත් රජය මගින් කරලා මිල්කෝ එකේ කිරි ගෙනත් තේ කඩයක් කරනවා. ඊට පස්සේ අපි විදේශ තානාපතිලාට එහෙම සාකච්ඡා සදහා ආරාධනා කරන්නේ පක්ෂ කර්යලේට නොව අපේ තේ කඩේට... ඒ ගොල්ලන්ට අපි ලගදීම පාරට දමන මෙට්‍රෝ බස් එකේ නැගලා අපේ රේස්ටුරන්ට් එකට ඇවිත් අපි හමුවෙන්න පුළුවන්...
සමහරු ඉන්නවා කොයිතරම් දැනුම බුද්ධිය තිබුණත් සමහර වචන උච්චාරණය කරන්න බෑ. ශ්‍රී ලංකා වෙනුවට ශී ලංකා කියවෙනවා. ඒවා විහිලුවට ගන්න වැඩි දෙනෙක් වචන හොදටම උච්චාරණය කලත් නූගත් බුද්ධිය අඩු උදවිය. චාමර සම්පත් චතුර ලෙස වචන කතාකලාට ඔලුව හිස්. "බිග් ක්වෙස්චන්" උච්චාරණය නොවුනට ඔය හිනාවෙන අයට වඩා උගත් බුද්ධිමත් සහ ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් හදුන්. හිනාවෙන අය තප්පරයක් තමන් කවුද කියලා හිතල බැලුවොත් ලජ්ජා හිතෙයි. හේතුව එහෙම හිනාවෙන්නේ එක්තරා වර්ගයක අය. එයාලගේ තියන දුර්වලතා රැසක් හන්ගගන්නේ අනුන්ගේ පොඩි දෙයකට ඔච්චම් කරලා අපහාස කරලා.
දුඹුරු සීනි ආනයනය නවත්තන්න හෝ සීමාව පනවන්න. ඒත් සාධාරණ මිලකට විකුණන්න. ආනයනය කළ දුඹුරු සීනි 250/= සීමාවේ. දේශීය සීනි මිල වැඩිවීම අසාර්ථකයි..
නම අයින් කරලා ද බිග් කුච්චන්?
ඔන්න වහල තිබුන සීනි කම්හල නැවත විවුර්ත කරලා විශාල ලාභයක් ලබලා එතුළින් ලංකාවේ සීනි මිල සැලකිය යුතු ලෙස අඩු වෙලා, විශාල ප්‍රමනෙකට රැකියා අවස්ථා උදාවෙලා තිබුණා නම් ලෙස හදුන්වන්න පුළුවන්...., මෙතැන වෙලා තිබෙන්නේ එකේ අනිත් පැත්ත, කම්හල පාඩු ලබලා එකේ පාඩු පියවන්නේ රජයෙන්, විදේශ වලින් එන සිනි සමග තරග කරන්න බැරි නිසා , විදේශ වලින් ගෙන එන සීනි වලට අමතර බද්දක් ගහල එකත් ජනතාව පිට පටවලා...
දැනට වසර කීපෙකට කලින් JVP එක විපක්ෂේ ඉන්න කාලේ ඔබ කෝප් කමිටුවේ සභාපති වෙලා හිටිය JVP ආර්ථික විශේෂයෙන් වෙලා හිටියේ ඔබ මාධ්‍ය වලට jvp ආර්ථික ප්‍රතිපත්ති, සැලසුම් සියල්ලක්ම කලේ ඔබ, මම නම් හිතුව jvp ආණ්ඩුවක් ආව දිනෙක ඔබ අනිවාර්යයෙන් මුදල් ඇමති වේවි කියලා, දැන් ඔබට වෙලා තියෙන්නේ අනුන්ගේ සිනි කිරන්න... මේක " ඉස්සා බිග් කුච්චන්" එකක් නේද ? මේ වැඩේම යහපාලන ආණ්ඩුවේ හර්ෂ ද සිල්වාටත් ටත් සිද්ද වුණා ආර්ථික විසේශ්න්ය ආචාර්ය හර්ෂද සිල්වා නියෝජ්‍ය මුදල් ඇමති , රුපලවන්ය ඩිප්ලෝමා ධාරී මංගල මුදල් ඇමති
නම දිග වැඩියි නේද?
නන්දන - ඉස්සා බිග්කුචන් මුදියන්සේලාගේ ෂුගර් ඩෑඩි නොහොත් බෝම්බ සුනිල් නොහොත් සීනි පිනා, කියන නම දිග වැඩි වෙන්නේ කොහොමද?
කවුරුත් එහෙම අයට කිව්වේ නැහැ. එයාම ඒ නම දාගන්න හදනවා. බත් සුන් පියා ඩඩ්ලි... මම නම් අහලා තියෙන්නේ එයාට කියන්නේ දුඹුරු සීනි පියා නොවෙයි... පින්පියා කියලා....