
(ඩයනා උදයංගනී)
ජනතාවට වස විසෙන් තොර ගුණාත්මක බවින් ඉහළ පොල්තෙල් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙලක් ජූලි මස අවසන්වීමට පෙර ආරම්භ කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියම් ලබා දී කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීබීසී ලංකා සමාගමේ මැදිහත් වීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන අතර එහි ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැත්විණි.
දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් මුහුණ දී සිටින අමුද්‍රව්‍ය හිඟයට පිළියමක් ලෙස බීබීසී ලංකා සමාගම හරහාතත්වයෙන් උසස් කැබලි පොල් ආනයනය කර එම නිෂ්පාදකයන්ට බෙදාදීමට නියමිතය.
නිෂ්පාදනය කෙරෙන එම පොල්තෙල්වල ගුණාත්මකභාවය පිරික්සීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
මෙම පොල් තෙල් දැනට වෙළඳපොළෙහි පවතින මිල ගණන්වලට වඩා, ඉතා සහනදායී මිලකට බෙදා හැරීමට හැකි බව බීසීසී ලංකා ආයතනයේ සභාපති චමින්ද වෙලේගම මහතා සහ දේශීය පොල් තෙල් නිෂ්පාදකයන් ඇමතිවරයාට දැනුම් දී ඇත.
පිළිකා කාරක නොමැති ගුණාත්මකභාවයෙන් උසස් පොල්තෙල් සහන මිලට ජනතාවට ලබාදීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව විමල් වීරවංශ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න ඇතිකරගන්න එපා.. තෙල් නැව් ගෙනාපු පවුලේ අය සෞඛ්‍යමය ලෙස පහර දෙනවා.
ජයවේවා, හොඳ වැඩක්...!!!
කාලෙකට ඉස්සර දෙනියායේ බෙර ගහපු, පස්සේ කාලෙක ගල් කටස් වලින් ගිනි අවි සහ ගිනි කෙළි කරපු, අන්තිමට පොහොට්ටුවන් බලයට ගෙනාපු වීරවංශ ශ්‍රීමතාණන් හොඳ කොමිස් එකකට අතගහලා වගේ. පිටරටින් පොල් කෑලි ගෙන්නන එකත් හොද්ද බොරකරගන්න නියම උල්පතක් වුණා.
කොල්ලට පොල්තෙල් කෙසේ වෙතත්, එඬරු තෙල් නම් ළඟදී හම්බවෙයි... බැසිල් ලොක්කාගෙන්...!!!
කැබලි පොල් ගෙන්වීමට ගත් තීරණය අගය කරනවා. නමුත් ආනයනය කිරීමට ඩොලර් කොහෙන්ද?
මේකත් අර පැණිය හදන්න උදවු දුන්න වගේ වෙයිද?
හොද වැඩක්
තෙල් බෙදන ඇමති