(ප්‍රේමතිලක පෙරමුණ)

ප්‍රාදේශීය සභා, පලාත් සභා පාර්ලිමේන්තු , මෙන්ම ජනාධිපතිවරණක් පැවැත්වෙන ලංකා ඉතිහාසයේ දැවැන්තම දේශපාලන පෙරලිය 2023 වර්ෂයේදී සිදුවනවා.  ලංකාවට කර ඇති හූනියමක් නොවැම්බර් මාසයේදී කපා ඉවත්කරනවා යැයි ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද හොරණදී පැවසීය

ජාතික ජනබලවේගය හොරණ මහජන ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවකදී ඒ මහතා එසේ පැවසීය

එහිදි වැඩ්දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා "ලංකා ඉතිහාසයේ කිසිවකු නොසිතූ දේශපාලන පෙරළියක ආරම්භය මාර්තු මස 09 වෙනිදා සනිටුහන් වෙනවා.

ඡන්දය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයේ දී එකඟතාවය පළකර තිබෙනවා ඒ අනුව 09 වෙනිදා පළාත් පාලන මැතිවරණය අනිවාර්යෙන් පැවැත්වීමට නියමිතයි

මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නේ වියදම් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කුරුණෑගල පොල්වත්තෙ ආදායමෙන් හෝ බණ්ඩාරවෙල තේවත්තේ ආදායමෙන් හෝ ,මහ බැංකු වංචාවෙන් ඉතිරි වී මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල් වලින් නොවේ. ඡන්දය සඳහා වියදම් කරන්නේ ජනතාව කිරි පැකට්ටුවක්, පරිප්පු ටික හාල් ටිකක් භාණ්ඩාගාරයට යන බදු මුදල් .

විශ්‍රාමික කර්නල්වරයෙකු වගේ තනි පුද්ගලයකු දාලා ඡන්ද නවත්තන්න පුළුවන් නම් මේ රටේ ජනතාවට හැම ඡන්දයකදී එක එක පුද්ගලයා වශයෙන් නඩු දා ඡන්ද නවත්තන්න පුළුවන් වෙනවා .එහෙම වුනොත් වසර මිලියන ගාණක් යන යන තුරු මේ රටේ ඡන්දයක් පවත්වන්න ලැබෙන්නේ නෑ