(රංජිත් රාජපක්ෂ)

හදිසියේ ක්ලාන්ත වීමෙන් පාසල් ළමුන් 12 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට  අද  (18) ඇතුළත් කළ බව වටවල බින්ඔය දමිල මහ විද්‍යාලයේ විදුහල්පතිනිය පැවසුවාය.

එම විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 07 දෙනෙකු සහ සිසුවියන් 05 දෙනෙකු වරින් වර ක්ලාන්ත වීමෙන් මෙලෙස රෝහල් ගත කල බවත්, රෝහල් ගත කල සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්  විදුහල්පතිනිය කීවාය.

වටවල ප්‍රදේශයට මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ප්‍රදේශයේ පවතිද   විදුහල්පතිනිය කියා සිටියාය.

රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබු සිසු සිසුවියන් අතරින් සිසු සිසුවියන් 08 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස්  ඇතැයිද  විදුහල්පතිනිය පැවසුවාය.