ලලිත් නවරත්න
කොවිඞ් 19 රෝග ලක්ෂණ සහිත රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත්තේ, පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී තිබේ.
ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග විනිශ්චය සඳහා රුධිර සාම්පලයක් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා රුධිර සාම්පල ලැබීමෙන් පසු මේ බව අනාවරණ වී ඇත.
ඊයේ ඇය මියයාමත් සමඟ රෝහල තුල මහත් නොසන්සුන්තාවක් ඇතිවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ හලාවත රෝහලේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ බිංගිරිය වීරපොකුණ දංවිල්ල පදිංචි දීපා සඳමාලි නැමති 47 හැවිරිදි කාන්තාවකි.
ඇය ශරීරයේ උරස්ප‍්‍රදේශයේ ඇතිව තිබෙන පිලිකාවක් සඳහා මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලබන රෝගියෙක් බවට අනාවරණය වී ඇති අතර එම රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඇත්වූ කැස්ස සහ සෙම තත්වයක් හේතුවෙන් මෙම රෝගියා හලාවත රෝහලට ඇතුලත් කර ඇත. අතර එහිදී රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.
හලාවත දිසා රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුමේෂ් අලගියවන්න මහතාගේ රෝග විනිශ්චය තීරණය පිළිබඳව අධීක්ෂණයකින් පසු හලාවත රෝහල් හදිසිමරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා මෙම මෘත ශරීරය අවසන් කටයුතු සඳහා ඥාතීන්හට භාර දීමට කටයුතු කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හදිසි මරණයකින් හලාවත රෝහල කැළඹෙයි
sam Friday, 03 April 2020 06:53 AM
මේ තවත් රට කළඹන්න හදනවා නෙවෙයි, නමුත් පිළිකා රෝගියාට කොරෝනා හැදුනද නැද්ද කියලා හරියටම දන්නවද?