
(අංජුල මහික වීරරත්න)
ගෞරවණිය හදිසි මරණ පරීක්ෂක සේවයක් ඇති කිරීමට ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගන්නා බවට පැමිණිලි ලැබී තිබෙන බවද අමාත්‍යවරයා කීය.
දිස්ත්‍රික්ක කිහිපයක පුරප්පාඩුව පවතින හදිසි මරණ පරීක්ෂකවරුන් 23 දෙනකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේදී එක්වෙමින් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේය.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනතේ 108 වගන්තියෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්වීම් ප්‍රදානය කෙරෙයි.
"හදිසි මරණ පරීක්ෂක තනතුරු 170 ක් පමණ පුරප්පාඩු පවතිනවා. එම පුරප්පාඩු කඩිනමින් සම්පුර්ණ කිරීමට කටයුතු කරනවා. මේ රට දේශපාලඥයින්ට අයිති රටක් නොවෙයි. මේ රට අයිති ජනතාවටයි. ඒ නිසා තම සේවය හැගීමෙන් සිදු කරන්න එවිට නිසි සේවාවක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිලාභයකින් තොර මහජන සේවය පිණිස මරණ පරීක්ෂකවරුන් කරනු ලබන සේවය අගය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හදිසි මරණ පරීක්ෂකවරු 23කට පත්වීම්
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 27 August 2025 03:52 PM
පළමු හදීසි මරණ පරීක්ෂණය "ජාතික රෝහලෙන්ම" පටන් ගන්න. අන්න එකෙක් ICU එකේ පණ අදිනවා
Niranga Wednesday, 27 August 2025 04:05 PM
මීගමුවේ ඉන්න කොරනෙරියා, ප්‍රයිවට් බෙහෙත් ශාලාවක් කරගෙන යනවා. මිනිසුන්ට කතා කරනේ බල්ලන්ට වගේ, ඔහුගේ බිරිඳ තමා පරීක්ෂණය කරන්නේ . සල්ලි ගන්නවා . ඌ හොරා