(සුජිත් හේවාජුලිගේ )
හදිසි සහ අත්‍යාවශ්‍ය නොවන ශල්‍යකර්ම වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කෙටි කාලයකට කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත.
අමාත්‍යංශය මෙසේ උපදෙස් දී ඇත්තේ රෝහල්වල පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැලකිල්ලට ගෙනය.
රජයේ රෝහල්වල ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් පවතින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍යකර්ම මෙලෙස කෙටි කාලයකට ප්‍රමාද කරන ලෙස උපදෙස් දුන් බවයි.
කෙසේ වෙතත් රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ශල්‍යකර්ම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කිරීමට පියවර ගන්නා බවද රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න එක්කෙනෙක්වත් කිසිම වෛද්‍ය කරුණකට විදෙස් ගතවීම තහනම් කරන්න. ජනතාවනි එහෙම විදෙස් ගතවන තම තමන්ගේ ප්‍රදේශවල ඉන්න දේශපාලකයන් ගැන වග බලාගන්න.
කොපමණ කාලයක්ද? එසේ නම් නොකර සිටීමද කළ හැකිද? ඇමැති නිර්දේශය කොපමණ මෝඩද?
මෙන්න මෙහෙම තමයි රනිල් රටේ ආර්ථිකය ඇතුළු සියලු ප්‍රශ්න විසඳන හැටි පේන්නේ... මේ වැඩේ කරන්න ආණ්ඩුවක් ඕනෑද? මේ වැඩේ දැනටමත් රෝහල්වල කරනවා. අනික විදේශ ණය ගෙවීමත් අත්හිටුවලා, පටි තද කරගන්නලු, ඉවසා ගන්නලු, විදුලි කප්පාදු තවම අවසන් වෙලා නැහැ, QR කෝඩ් නැතුව තවම සුපුරුදු පරිදි ඉන්ධන ලබා දෙන්න බැහැ... මේ ජනාධිපති ආවෙන් පසු අද වෙනතුරු විදේශ ආධාර හැටියට ඩොලරයක්වත් ලැබිලා නැහැ...
එතකොට අර අත්‍යාවශ්‍ය නොවන ඖෂධ නියාමන අධිකාරියේ අනුමත නොකළ හා නිසි ඇගයුමකට භාජනය නොකළ ඖෂධ ගේන්න ඕනෑය කියලා කියන්නේ කවුද? එම ආයතනවල අනුග්‍රහයෙන් පිටරට සවාරි ගියේ කවුද?
හදිසි නැත්නම් ශල්‍ය කර්මයක් කරගන්නවාද? කොයි එක හදිසිද? හදිසි නොවන්නේ මොකක්ද කියලා ඇමතියාගෙන් අහන්න. ඉදිරියේදී මේ අය තව අපට මොනවා නොකරයිද?
නියමකෙනා උපදෙස් දීලා තියෙන්නේ.. එයාගේ හදිසි සැත්කම් කරන්නේ විදේශ රටවල්වලින් නිසා කමක් නැහැ නේද?
එයා කොටු පනින්න ගිහින් අතපය කඩා ගත්තුවටත් ගෙව්වේ මේ රටේ අහිංසක ජනතාව...
සොල්දරෙන් වැටුණොත් හදිසි නැත්තන් පුළුවන් වෙලාවක...
ඔය ඇමතියා පට්ට මෝඩයෙක්, හොරෙක්.ඒකා දන්නා සවුක්‍යක් නැහැ.ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටියකින් සුපවේදය හෙවත් කෝකි උපාධියක් තියෙන මේකා කොහොමද ශල්‍යකර්ම කල්දමන්නේ ? මේකා දොස්තර කෙනෙක්ද ?
මැති ඇමති වරුන්ට නම් සිංගප්පූරුවේ ගිහිල්ලා ඕන ශල්‍ය කර්මයක් කර ගන්න පුළුවන්නෙ ජනතා මුදලින්.
උන්ට කැහි හෙම්බිරිස්සාවක් හැදුනත් මවුන්ට් එලිසබත් දුවන්නෙත් අපේ බදු සල්ලි වලින් .ජනතාවනි දැන්වත් තේරුම් ගන්න .ඔයාලටයි ඔයාලගේ දරුවන්ටයි කරගෙන තියෙන අපරාධයක තරම .දන්වත් මොලේ පාවිච්චි කරන්න
ඇමති වක්‍ර ලෙස මහජනතාව මැරීමට නියම කිරීම.මොහුට විරුද්ධව මූලික මිනිස් අයිතිවාසිකම යටතේ නඩු දාන්න බැරිද?