
(අංජුල මහික වීරරත්න)
හෙද සේවාවේ සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් පවතින අතර බඳවා ගැනීම් තවත් කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මෙම වසරේ හෙද සේවාවට 4,141 ක පිරිසක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව කී අමාත්‍යවරයා ඉතිහාසයේ හෙද සේවාවට බඳවා ගත් වැඩිම පිරිස මෙය වන බව සඳහන් කළේය.
හෙද අනුස්ථාපන හා සමායෝජන සය මාසික පුහුණු පාඨමාලාව සඳහා විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 700 දෙනෙකු සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී අද(31)මෙම උත්සවය පැවැත්විණි.
තවත් 2600 ක පිරිසක් ඉදිරියේ දී හෙද සේවාවට එක්වීමට නියමිත බව ද අද වන විට 43,500 ක පමණ මානව සම්පතක් මෙරට හෙද සේවාව සතු වන බව මෙහිදි අමාත්‍යවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙද සේවා මූලික පුහුණුව උපාධියක් දක්වා උසස් කරන්න. කාලය සහ විෂය කරුණු වැඩිකිරීමෙන් සහ අනෙකුත් පහසුකම් සැපයුවොත් වෛද්‍යවරුන්ගේ විරෝධය නොතකා පහසුවෙන්ම මේක කරන්න පුළුවන්....