
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්ධන හිඟයක් පිළිබඳව කටකතා පැතිර යාමත් සමග ඉරාන වැසියන් කලබල වී ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් ඉදිරිපිටට පැමිණීම හේතුවෙන් අද පෙරවරුවේ ටෙහෙරානය ඇතුළු ඉරානයේ නගර රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සමාජ මාධ්‍ය තුළ ඉරානයේ ඉන්ධන හිඟයක් තිබෙන බවට වීඩියෝ දර්ශන පළවීමත් සමග ඊයෙ රාත්‍රියේ සිට ඉරාන වැසියන් ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිටට රැස්වී ඇති බවත් ඒ හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට ඉල්ලුමට සැපැයුම ලබාදීමට නොහැකි වී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.
ඉල්ලුමට සැපැයුම ලබාදීමට නොහැකිවූ ඉන්ධන පිරවුම්හල සේවා කටයුතු අවසන් කර වහාම වසා දමා ඇති බවද එම වාර්තාවල දැක්විණි.
ප්‍රමාණවත් ඉන්ධන රටතුළ තිබෙන බවට දිගින් දිගටම ඉරාන බලධාරීන් ප්‍රකාශ කර ඇතත් එරට වැසියන් අද පෙරවරුවේද ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිටට රැස්ව ඇතැයිද මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ඉරාන වැසියන්ගේ කලබලවීම පිළිබඳව අදහස් දක්වමින් ඉරාන ජාතික තෙල් නිෂ්පාදන පිරිපහදු හා බෙදාහැරීමේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් සාදෙක් අසිමිෆාර් පැවසුවේ ටෙහෙරාන් පළාතේ ඉන්ධන පරිභෝජනය සියයට 30කින් ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, ඉරාන ජාතික ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කෙරමත් වයිස්-කරමි සඳහන් කළේ දිනකට සාමාන්‍යයෙන් ඉන්ධන ලීටර් මිලියන 138ක් බෙදා හැරියත් පෙරේදා(26) සිට බෙදාහරින ඉන්ධන ලීටර් ප්‍රමාණය මිලියන 150 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd