(ජේ.කේ.එල්. චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
ගාල්ල මාතර දුම්රිය මාර්ගයේ ඉමදුව අහංගම දුම්රිය හරස් මාර්ගයේ දි යතුරුපැදියක් දුම්රියක ගැටිමෙන් වු අනතුරකින් යතුරුපැදියේ පිටුපස වාඩි වි පැමිණි හෙදි නිලධාරිණියක බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් අහංගම පොලිසිය පවසයි.
අද (04) උදැසන 6.30ට පමණ මෙම අනතුරවි ඇත. මෙකි හෙදි නිලධාරිණිය තම සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදි ගාල්ල සිට මාතර බලා ධාවනය වෙමින් තිබු අංක 701 දුම්රියේ ගැටිමෙන් මෙම අනතුරවි ඇත.
මෙකි දුම්රිය හරස් මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ගමන් කිරිමට යාමේ දි දුම්රියේ පිටුපස පෙට්ටියේ යතුරුපැදිය ගැටි මෙම අනතුරවි ඇති බව පොලිසිය පවසයි.
හෙදි නිලධාරිණියගේ සැමියාට කිසිදු අනතුරක් වි නැති අතර අනතුරෙන් බරපතල තුවාල ලැබු හෙදි නිලධාරිණිය 1990 සුව සැරිය මගින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ ජනනි හිරුණා උදයන්ති ධර්මදාස(50) නැමති කරපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරණ හෙදි නිලධාරණියකි. අහංගම පොලිසිය මෙම අනතුර පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්..!!! .. අර නිගණ්ඨයගේත් ඔලුව හත් අතකට පැලෙන්න ඕනේ මේ වගේ දේවල් වෙනවට...
මෙතන ගේට්ටුවක් තියෙනවා නේද? එහෙම නම් මේක මිනීමැරුමක්...